කුප්පිය

කුප්පිය

Monday, October 1, 2018

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළලය. උන්ගේ පස්සත් එක්ක සීගිරිය පොටො ගහලා  ෆේස්බුකියේ දැමීමෙන් මේ අපරාදය සිදු කර ඇත.



මෙච්චර කාලෙකට ශ්‍රී ලංකාවේ ශ්‍රී නාමයට මෙහෙම කියලා දෙයක් කවුරුවත්ම කරලා නෑනෙ. මේ ගොන් හැත්ත ඇරෙන්ඩ. සුනිල් පෙරේරා මහත්තයා සිංදුවක්ද හැදුවේ 'එංගලන්තෙ..එංගලන්තෙ..ලංකාවේ එහෙම වෙන්නෙ නෑ' කියලා ඒ හිංදම වෙන්ඩ ඕන.

යූ ටියුබ් එකේ ගණිකාවෝ කුණු හරපෙන් කෙස්වලු පටලව ගන්නෙ ඇමෙරිකාවේ...උන්ගෙ සංස්කෘතිය බල්ලටම ගිංහිංනෙ. ලංකාවේ ගණිකාවෝ නෑ. ඉන්නෙ මොඩල්ස්ලා..දණිස්සට උඩිං පොඩ්ඩක් පේන්ඩ අඳිනවා විතරයි ඒකත්. සිගරට් අරක්කු එක්ක පාටි දාලා එංගලන්ත ‍කෙල්ලො එෆ්බී දාපු හිංදා මහරැජීනගේ ආඩම්බර කාර කමට කෙළ වූනා. උන්ගෙ සංස්කෘතියත් විනාශ කරා. නෙදකිං. අපිට චූං. අපේ උං බොන්නෙ වොඩ්කා බෝතලේට දාපු වතුර..සංස්කෘතිය රැකුණා.

සංස්කාතික අරමුදලට කෙළපු උං ඉන්නෙ ඉන්දියාවේ. උං දඹදිව පුරා විද්‍යා ටිකට ඇරලා දැං ඉන්නවා මොනවත් නොවිච්ච ගානට. උන්ට කොහෙද සංස්කෘතියක්. ලංකාවේනේ සංස්කෘතිය රකින මහා ගත් කතුවරයෝ..පඬිවරයෝ..වැහි වැහලා ඉන්නෙ. සෙනසුරාදා ඉරිදා දවස්වලට ටීවී එක අරක්ගෙන ඉන්න ජ්‍යොතිෂ පණ්ඩිත මහත්තුරු ලංකාවේ සංස්කාතිය රැකගෙන දියුණුවෙන් දියුණුවටම යන හැටි කියලා දෙනවනේ. සාදු..සාදු..උදේ පාන්දරම ලග්න විස්තරේ ඇහුවේ නැත්තං දවස ගෙවා ගන්නෙ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බෑ.

අරුංගේ පස්සවල් ටිකට හොරි දාන්ඩ ඔින කරපු වැඩේට. අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයට කරපු විනාශයක්. ෆොටො ගහපු ෆෝන් එක හරි කැමරාව හරි කැඩෙන්ඩ ඕන ආයේ ෆොටෝ ගහන්ඩ බැරි වෙන්ඩම.

ලංකාවේ සංස්කාතිය ඇරෙන්ඩ කියවන්ඩ දෙයකුත් නැති එකේ ඒකට කෙළියා කියන්නෙ ආයේ පාරම්බාන්ඩ කියලා දෙයකුත් නෑනේ.
                                 
*.   ඇයි අලුතින් රේල් පාරක් හැදුවේ සුද්දා හැදුවට පස්සෙ.
*.   තේ කෝපි ටික වෙනුවට අම්මලා අක්කලා රට පටවන්නෙ. ඒකම මදිද
*.   1969 ඇමෙරිකාව හඳට ගිහිං ඒකෙ ඇති දෙයක් නෑ කියලා කිව්ව හංදා මිසක් මෙලාහකට හඳට රොකට්            25ක්වත් යවලා. දැං 2018නේ යකෝ. හැබැයි හඳට යනවා වෙන විදියකට අපේ තාරුණ්‍ය ඇස් ඩිම්                  කරගෙන
*.   පිණ්ඩපාතෙ ගිය ස්වාමීන්වහන්සේලා වෙනුවට දේශපාලනෙන් බෞද්ධ සංස්කෘතිය  රකින්ඩ හදන                  අල්පයක් වූ  හාමුදුරුවරු.( ලඟටම දානේ ගිහිං දෙනවනේ දැං. ඇගේ තැන්පත් වෙන තෙල් ටික                        පුච්චගන්ඩ වෙන්ඩෑ එහෙම කරන්නෙ. අපේ ලේ ටික පිච්චෙනවා ඒ කොහොම වෙතත්) ඒකම මදෑ.
*.   ජනාධිපති, පරිසර ඇමති වෙච්ච රටේ රක්ෂිත වනාන්තර අධි රක්ෂිත තත්ත්වයට ගන්ඩ උත්සාහ කරන            නිවහල් නිදහස් ඇමතිවරු කොච්චර නම් වලි කනවද තමංගේ වර්ගයා රැකගෙන සංස්කෘතිය රැක ගන්ඩ.
*.   කතරගම..අම්මො දඩමසක් මලාට හොයා ගන්ඩ නෑනෙ බේතකටවත්.






No comments:

Post a Comment

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං