කුප්පිය

කුප්පිය

Wednesday, October 10, 2012

පොයියා පාර්ලිමන්ට් ගියා වගේ.......




 පොයියා පාර්ලිමන්ට් ගියා වගේ........







අදටත් මට හිතාගන්න බැරි දෙයක් තමයි පොයියා මෝඩ වැඩ කරන එක නවත්තන්නැත්තෙ ඇයි කියලා.සමහරවිට උගෙ තුප්පහි කමට වෙන්නැති..පොයියා කියන්නෙ මගෙ හොදම යාලුවා තමයි.එත් ඌ කරපු ගොන් වැවක් කිව්වෙ නැත්තම් ඒ කරපු මිත‍්‍රශීලි වැඩේට උගෙන් කූණුහබ්බ ඇහුවෙ නැහ්නම් මගෙි උගෙයි යාලුකමෙනුත් වැඩක් නෑ....


මෙකයි ඉස්ටොරිය..,

       අපිටත් තිබුණා පාසල් කාලයක්....ඇස්දෙකලොකු කරන් ඉන්නේ ඇයි අපි ඉස්කොලෙ ගිය නැද්ද....?
මොනවා හිතුවත් අපි ගියා ඉස්කොලේ .ඒ ලෙවලුත් කරා..රිවිශනුත් කරා.
මෙක උනෙ රිවිශන් කරන්න කියලා නුගේගොඩ පැත්තෙ පංතියකට ගියාමයි.අපේ රලේ නායකයා උනේ මීයා.නුවන් කියන්නෙත් මීයටම තමා.ඒත් උගෙ නම ඌටත් මතක ද දන්නෑ..නිල් නුවන් කියලා ඉදලා හිටලා අපි කියනවා තමා.ඒ ඉතින් ඌ පට්ටම කලු හින්දනෙ.මන් මොනවා කරන්නද ඒකට..

         මීයම තමා එක දවසක් කිව්වෙ පාර්ලිමේතු ග‍්‍රවුන්ඩ් එක පැත්තෙ අද මියුසිකල් එකක් තියෙනවා යමල්ලා කියලා.ඉබ්බා ඉතින් ඉබ්බා ඉතින් මොනවා කිව්වත් හා තමයි.ඉබ්බා කියන්නෙ අපේ අනෙකා.ඌ මහම මහ .....නෑ  නෑ ඒක ඔන නෑ..කතාව කියන්නම්කො..

        හවස් වරුව කටි කරා..පොයියට ඇදුම්  හොයන්න මහන්සි වෙන්න දෙයක් නැතිවට ඌත් ආවා අපිත් එක්ක.මමයි මීයයි බෝඩිමෙ අයිය කෙනෙක්ගෙන් කිටක් ඉල්ලගෙන එක ඇද ගත්තා පොයියා ඌට නාන්න තියෙන හොදම කලිසම තමයි  ගත්තෙ.ඒකෙ පස්ස සාක්කුව නෑ.ඒක නෑ කියල පේනවා.එත් උගෙ මොලේ පාවිච්චි කරලා බැගී ටී ෂර්ටි එකක් දා ත්තා.අවුලක්ම නෑ.මියුසිකල් එකට ගෙනියන්න පුල්වන්.හැබැයි එකක්..ඌ මොන මගුලකට ගියත් දා ගන්නෙනම් රබර් සෙරෙප්පු දෙක.ඒකට අෟට දොසක් කියන්න බෑ.උගෙ කකුල් වල හැටියට එ සෙරෙප්පු දෙකවත් තිබුණ එකත් පුදුමයි.එ තරම්ම ඒ කකුල් හෙන සයිස්.අපේ ඒවා උ1ට දාන්න බැරිවා වගේම උගෙ ඒවා අපි දාන්න යන්නෙත් නෑ.ඒ කියන්නෙ දාන්න බෑනෙව.
     
       අපි තුන් දෙනා පොයියත් එක්ක එලියට බැස්සට මොකද මගෙ හිත නම මහම මහ අමුතු වෙලා.
     පාරලිමන්ටි ග‍්‍රවුන්ඩ් එක ගාවට ආවට එන්ටරන්ස් එක ටිකක් ඈතින් වගේ පෙනුනා.
''ඒයි මෙන්න මෙතනින් පනිමුද බන්.අර වටෙන් යන්න ඔ්න නෑ'' පොයියා කට ඇරිය..

විනාසයි..මන් නම් කැමති උන් නෑ.පොලිසියෙන් හරි ගුටි කන වැඩක් තමයි ඔ්ක ා කිව්වොත් කියන්නෙ.මීයා මොනවත් කිව්වෙ නෑ.මායි ඉබ්බයි ගේම අත ඇර ගන්න ක‍්‍රමයක් හෙවිවා.

''ඔහොම ඉදහන් .කුප්පියා ඉතින් බයගල්ලනෙ''
උ මට කින්ඩියකුත් දා ගෙනම වැටට කකුලක් තිබ්බා.
ඒ වැට ටිකක් උසයි.ඒක නැගලා පන්න්න අපිට පුලුවන්.එත් පොලිසියට මන් හරිම බයයි.ඒකට ෙඒතුව පස්සෙ කියන්නම්කො.
   වැටෙන් පනින්න තියෙන ඒරියා එක වැලි අතුරපු පාත් එකක්.පොයියා වැට මුදුනට ලං උනා .ඌ ආයෙත් මන් දිහා අර අමුතු බැල්ම දාලා හෙන ජම්ප් එකක් ගත්තා.
ජබොහ්...
අයියෝ...
මළා......
ඒ වෙලාවෙ ඇහුනෙ ඒ විදියට.
       මටත් මොනවා කියවුනාද දන්නෑ.පොයියාගෙ දනිස් දෙක ගාවට එනකම් එරිලා.මඩ වලකට නෙ මේකා පැනලා තියෙන්නෙ.දැන් ඉතින් මොනවා කියන්න.පොයියා මට දාපු කින්ඩි බැල්මට් එක මාරු වෙලා අනේ කාටවත් කියන්නෙපා..වගේ බලා ගෙන හිටියා.
''උලමා වගෙ බලන් ඉන්නැතිව නැගපං හරකො උඩට''.මීයා අණ කරා.
      එන්නෙ කොහොමද ඒකා එරිලනෙ.
පොයියා අත ඇරියෙ නෑ.හෙන ගේමක් දීලා එක් කකුලක් උඩට  ඇදලා ගත්තා.

''චටස්..''
උගෙ සෙරප්පුවේ පටිය කඩා ගෙන තමයි කකුල උඩට ආවේ.උගෙ ඇග පුරාම මඩ.පොඩි ස්මෙල් එකකුත් එනවා වගෙ..ඊ ළග පාරනම් පොයියා මොළේ කල්පනා කරලා කකුළ ඇදලා ගත්තා.හැබැයි සෙරෙප්පව ඇතුලේ තියෙද්දිම තමයි කකුල විතරක් ඇදලා ගත්තේ.සෙරපේපව ගන්නත් එපැයි.

මම මේ අස්සෙ බලන්නනෙ පොලිසිය තාම නැත්තෙ මොකද කියලා. 

පොයියා ඔය අතරෙ උගෙ අත කිහිල්ල ගාවට එරෙනකම් ඇතුලට දාලා කලත්තලා කරල කාරියා සොරප්පුව යා ගත්තා


      මෙිකගෙ ඇග පුරාම මඩ.මී.....හරකෙක් වගෙ..මඩ ඌ.....රෙක් වගෙ....
ඒ මදිවට ගද..ගද කියලා ඇතැරලා යන්නයැ.මෙහා පැත්තට පන්නා ගත්තා ආයෙත්.අපි ට  හෙන චූන් වෙච්චි  වැඩේට.පොයියව අපත් එක්ක ආවෙ නෑ වගෙ ඈතින් එක්කං යන්නෙ මුව හොදවන්න..උගෙ වෙලාවට වැඩි  දුරක් යන්න හම්බූන්නෑ..අපිට ටොයිලට් එකක් හොයා ගන්න පුලුවන් උනා.නියෙමට හොදලා ලස්සනට තිබුණ ටොයිලට් එක ඇතුලට රිංගුවා විතරයි ඒක එකම මඩ ගොඩක් උන කොහොම හරි පිළිවෙලක් කරලා එළියට ගත්තට ගදනමි යවා ගන්න බැරි උණා..
කොහොම උණත් මම ඔ්ක කාටවත් කියන්න ගියෙ නෑ.හැබැයි ඒ වැඩේ වෙන කවුරි හරි කරලා තිබූණා.අපිට පහුවදා ක්ලාස් එකට එන්න බැරි උණා.මගදි තම මට ආරංචි උණේ ඒකට කතාවකුත් හැදිලා කියලා.
''පොයියා පාර්ලිමන්ට් ගියා වගේ''
එ කතාව හදපු එකා තාමත් කවුද කියලා මම හොයනවා.හැබැයි මගෙ නමයි විකුණුනේ..

6 comments:

  1. හී... හී.. පට්ට.... අඩේ අකුරු ලොකු කරපිය.....කියවන්න අමාරුයි...

    ReplyDelete
  2. බැක්ග්‍රවුන්ඩ් එක සුදු කරල, අකුරු කලු කරල, අකුරු ලොකු කරොත් නරකද... වර්න අන්දතාවය හැදෙන්ව මේක කියවන්න ගියාම...

    ReplyDelete
  3. කුප්පියත් පැන්නනම් තම හොද පට්ට ආ ඔන්න අපිත් දිගටම කියවනවා

    ReplyDelete
  4. මල්ලිටයි අයියටයි එක වගේ යන බාසවක් පිහිටල තියෙනවා. ගින්දර...! අපිත් කියවනව එහෙනම්...

    ReplyDelete
  5. සොරි..සොරි..ඊළග පාර වැඩේ කරන්නම්..

    ReplyDelete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං