කුප්පිය

කුප්පිය

Saturday, October 27, 2012

BTI..ඉහිනකම් බලන් ඉන්නෙ.......


       BTI බැක්ටීරියාව(Bacillus thuringiensis) ලංකාවට ගෙන්නන්න සෑහෙන්න පිඹුරුපත් හැදුවනෙ.ඒක ගෙන්න ගන්නනම් අපේ මෛත්‍රී ලොක්කයි නිමල් ලොක්කයි කොච්චර වලි කැවද..කොහොම හරි ඒක ගෙන්නලත් තාමත් රෙදි කඩන් වටේ යනවා ඒවා ඉහ ගන්න ක්‍රමයක් නැතිව...........





      සාමන්‍යයෙන් ඩෙන්ගු උවදුර වැඩි වෙන්නෙ වැහි දවස් වලනෙ...ඉතින් ඒක ඉහින්න ඔන වැහි දවස්වල..ඒත මුං කියන්නෙ වහින හින්දා ස්ප්‍රේ කරන්න බෑ කියලා..අනේ මන්දා...



     BTI කියන්නෙ ඩෙන්ගු රෝගය පැතිරීම පාලනය කරන්න ඒ රෝගය බෝ කරන ඊඩීස්(Aedes) කුලයේ මදුරුවන්ගේ ජීවන චක්‍රයේ කීට අවස්ථාව විනාශ කරන්න උපයෝගී කරගන්න ජීව විද්‍යාත්මක අවියක්.හරියටම කීවොත් කීටයත් එක්ක ෆයිට් එකකට තමයි මේ බැක්ටීරියාව ගෙන්නුවෙ


      ඩෙන්ගු රොගය පාලනයට තව ගොඩක් ක්‍රම තියෙනවා..එ හැම එකක්ම මෙතැන කියනවා කියන්නෙ අපේ උන්ට ජාතික ගීය මුල ඉදන් අවසානෙ වෙනකම් කියන්න කියනවා වගේ වැඩක් .ජාතික ගීය අපි හැමෝම දන්නවා..ඒත් ඉවරවෙනකම්ම කියන්නෑ..එක්කො අවසාන ටික දන්නෑ..

       කියුබාව උනත් තනිකරම BTI  මත යැපුන අය නෙමෙයි..BTI වලින් මර්ධන ක්‍රම පටන් ගන්නකොට රටේ ජනතාව සෑහෙන සහයෝගයක් දුන්නා පරිසරය පිරිසිදු කරගෙන ඒ තත්ත්වය දිගටම රැක ගන්න.රටේ ජනතාවගේ සහයෝගය මත ඔවුන් ඒ උවදුර පාලන කර ගත්තා..



        පරීක්ෂක මහත්තුරුන් කපලා කොටලා මරලා දාන පොලුවලින් ගහලා එලවලා දාන අපේ රටේ BTI වලින් විතරක් ඩෙන්ගු ාලනය කළොත් බ්ලොග් ලියවිල්ල මම මෙතනින්ම නවත්තලා BTI ඉහින්න යනවා..අම්මපා...

මේ වැඩේ මෛත්‍රී නෙමෙයි මොකා කරත් මිනිස්සුන්ගේ විඥානයට සංවෙිදනය වෙන්නැත්ම් මොන මගුල කළත් වැඩක් නෑ...

මේ වගේ එකක් බ්ලොග් කඩමාල්ලක දවටන්න හිතුනේ රටේ උගතුන් බිහිකරන තැන්වලින් බිහිවුන තරුණ (අපි වගේ කීප දෙනෙක් හැර) උන්දලෑටත් මේක නොතේරුණොත් මගේ කට ගලක උලා ගන්නඑක හොදයි..කියලා හිතෙන හින්දා

හුගදෙනෙක් මැස් කොරපු අයනේ ..ඒ හිනදා මේක ටිකක් බලලම ඉන්නකො...

                                              LIFE CYCLE of Aedes Mosquito



  ජීවන චක්‍රය දින 10ක් හො ඊට ඉතා ආසන්න දින ගානකින් සම්පූර්ණ කර ගන්න නිසා තමයි මේ උවදුර පාලනය කර ගන්න අමාරු.
බිත්තර ජලයෙ මතුපිටට දැම්මාම දවස් 2ක් යනකොට කීටයෙක් බවට පත් වෙනවා..S අකුරෙ හැඩේට පොල් කටුවල එහෙම එකතු වෙලා තියෙන වතුරෙ උඩට පල්ලෙහාට කරනම් ගහන පණුවෙක් වගේ එකෙක් ඔයාලත් දැකලා ඇති.

තව දවස් 7-8කින් පිළවෙක් උණාම මදුරුවෙක් වෙන්න එයාට තව දවස් 2ක් හොදටම ඇති..මේ දෙන්නම ජලයේ වාසය කරන නිසා තම BTI වලින් පාලනයට මෙ සෙනම අහු වෙන්නෙ...
සති 4ක් මදුරුවා ගොඩබිමේ ජීවත් වෙනවා..ඒ සති 4ට වරකට බිත්තර 100ක් හමාරක් බැගින් 3-4 පාරක්ම බිත්තර දානවා..කොහොමද කෙළිය
BTI බැක්ටීරියාව වතුර ලීටර් 10කට බින්දු 4ක් කලවම් කරල ඉහින්න පුලුවන්..මේ තියෙන්නෙ බින්දු ගන්න කුප්පිය...

     නැත්තම් ඉස්සර මදුරුවන්ට තෙල් ගහන්න එන අය ගාව තිබ්බ තෙල් ටැංකිය මතකනම්(Compress Machene) ඒක ලිටර් 9යි.එකට මිලි540ක් ....දාලා වර්ගමීටර 225කට ඉහින්න ඔන..එ තමයි අපිට කරන්න පුලුවන් ලේසිම වැඩේ..
    මේ ටික මම ගැලපුවේ ඔය කියන කියුබානු බැක්ටීරියාව ඉහින්න කියලා කුප්පියා නියෝජනය කරන මිලිටරි සේවයටත් ලැබුණා.සෞඛ්‍ය අංශය භාර පොරක් විදියට මට තමයි ඒක ලැබුනේ.හැබැයි ඉතින් ඒ වෙනකොටත් දැනටත් මම හිටියේ පූනරීන් කියන වැලි කදු වලින් පිරිච්ච අවුරුද්දෙ වැඩි කාලයක් වර්ෂාව නොලැබෙන, ජාතියේ කරුමෙකට ඇති වූන නියගයෙන් හොදටම බැට කාපු ප්‍රදේශයක..වැලි මැක්කාගෙන් ප්‍රශ්න තිබුණට ඩෙන්ගු ගැන වගක්වත් අපිට තිබුනෙ නෑ..ඇයි බොල ඩෙන්ගුවාට බිත්තර දාන්න කෝ වතුර..
        හැබැයි දැන් වස්සානය පටන් ගන්න වගේ අර අදිනවා...දැනට මාස 10කට විතර කලින් ගෙනත් බාපු බැක්ටීරියා කුප්පි ටික එළියට ගත්තට මොකද අපේ උන්ගේ වෙලාවට ඒක කල් පැනලා මාස 3කුත් ගත වෙලා...දැන් ඉතින් අලුත් තොගයක් එනකම් දත නියවගෙන ඉන්න වෙලා...කියුබානු එක නැත්තත් අපේ කීට විද්‍යාඥයො හදපු ලෝකල් එකවත්..ලෝකල් කිව්වෙ බාල නිසා නෙමෙයි...දේශීය නිග්පාදනයක් නිසා..එක දුන්නොත් අපි ඉහ ගඥ්ඥං.....අහස් යානා වලින් ඉහින කොට කොහාට...කොහොම...කවදා...ඉහිද කවුද දන්නෙ...බලමු...ළගදි එවපු පිරිටන් තොගයත් ආපහු ගෙනිච්චා කොලටිය බාලයි කියලා...එහෙව් එකේ....................................................??????????

4 comments:

  1. කුප්පියා ගෙන් සිරා කුප්පියක්ද....? කොහොම උණත් ඊළග බැට්ටීරියා තොගය එනකොට වැහැලා ඉවර වෙලා තියෙයි... ඒක නෙමෙයි මදුරුවාට උපරිම කොච්චර දුර පියාඹන්න පුළුවන්ද... මං මේ අහන්නෙ අනුරාධපුරේ පැත්තෙං ඩෙංගුවෙක් ආවොත් හෙම...

    ReplyDelete
    Replies
    1. හැතැම්ම 5ක් විතර........හෑ..අනුරාධපුරෙන් ආවොත් ඉතින් වක්ගඩ්ඩට කේස් එකක් තමයි...

      Delete
  2. වැහි කාලෙට ඉහින්නේ නැත්තේ තාවකාලිකව වතුර එකතු වෙලා තියෙන තැන් වැඩි නිසාද? නැත්තං වතුර ගලාගෙන යන නිසා සාන්ද්‍රණය අඩු වෙලා වැඩි කොටසක් අපතේ යන නිසාද? එහෙමත් නැත්තන් වෙන මොනවා හරි හේතුවක් නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..වෙදර්එක අවුට් උණාම චොපර් එකක් ගුවන්ගත කරන්න බැරි නිසා...

      Delete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං