කුප්පිය

කුප්පිය

Monday, October 15, 2012

ඔළුව ඔයේ....

සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා.නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙදරක පිරිතකට රෑ නිදිමරන්නෙ උගෙ ලොකු අම්මගෙ එකවගේ .
         අඩි 6ක් විතර උස කෙට්ටු ඩයල් එකක මූණට හිරමණ තලේක වගේ දත් සැට් එකකුත් ඇඩ් කර ගන්න පුලුවන්නම් කුරයාගෙ චිත්තරේ හරියටම ඇදතෑකි.ඒ කට ඇරියොත් හිපෝලා ඈනුම් අරිනවා වගේ තමයි.

මෙහෙම කියලා තිබුණට කුරයා මේක දැක්කොත් උගෙ තඩි කට ඇරගෙන හක හක ගාලා මාත් එක්ක හිනා වෙනවා ඇරනේන උගෙ හිතේ පොඩි කහටක්වත් තියා ගන්නෑ කියලා මම දන්නවා.මේ කතාව මට කීවෙත් කුරයම තමයි. හැබැයි ඌ මළාට හිතන එකක් නෑ මම ඒක මේ වගේ තැනක කියයි කියලා.

ස්ථානයඃ- මාවනැල්ලේ උස්සාපිටිය කියන පොඩි නගරය 

       කුරයා ජීවත් උනේ මේ නගරයට කි.මී.3ක් විතර ආසන්නව.පයින් එනවා නම් විනාඩි 45ක විතර පොඩි ටුවර් එකක්.ඒ හින්දම තමයි රස්තියාදුවට ඌ ඉන්න ගම අතෑරලා  නගරෙට එන්නෙ.බොරු කියන්න ඔන නෑ කුරයා ටවුමේ හොදට රන් කරපු පොරක් .ඇත්තම කීවොත් ඌ තරම් පොලිසියට බයේ දුවපු එකෙක් ඒ පලාතෙම නැතිව ඇති මන් හිතන්නෙ.ඒකනෙ හොදට රන් කරා කිව්වෙ.
         නිතරම කැප් එකක් අනිත් පැත්තට හරෝලා දා ගෙන ඉන්න කුරයා රස්තා පොරක් වගේ ඉන්න තමයි කැමති.ඒ හින්දා අතේ පයේ කනේ ආදි විදියට ඒ ඒ අයිතම උපයෝගී කර ගත්තෙ රස්තාපාරෙ විදියට ස්ටයිල් එක හදා ගන්න.උගෙ ඩයල්එක හින්දා ඒක එච්චර අමාරු උනෙත් නෑ මන් හිතන්නෙ.ජොයින්ට් ගහනවා කියන්නනෙ ඉතින් එතකොට නතින්නෙ.මන්දා කුරයා තමයි මට එහෙම කීවේ.මම  නෑ ඔ්වට.

       ඒ වැඩේට ඔබින විදියටම නගරෙ හැඩ වෙලා තිබුණා.කදුකර නගරයක් උන  මේ නගරෙ වටේට මා ඔය හරි ලස්සනට ගලා යනවා.කුරයා සහ උගෙ ගැන්  එකට මේක ආශිර්වාදයක් උනේ හිතුනනම් නාන්න යන්න ඒ කියන්නෙ ජොයිනට් ගහන්න යන්න පූලුවන්.කුරයා ඒ කතාවට කියන්නෙ නාන්න යනවා කියලා තමයා.ඒ දන්නෝ අදාල තැනට ගෙන්න ගන්න.එතැන පහසුකම් සියල්ල තියෙනවා.නාන්න අදින්න රෙදි කඩමාලුනම් අනිවාර්යයි.ඊට අමතරව ඉතින් ටොෆි සිගරට් පෙපරමින්ට් එහෙමත් එතැන ට ගෙනියන්නෙ ටිකක් වෙලා ඉදලම එන්න හිතාගෙන.
        මේ කියන දවසෙත් කුරයා තව කීප දෙනෙක් එක්ක නාන්න ගියේ උදේ දහයට විතර.ලස්සනට ගලවපු සිගරට් පැකට් කොලේක කංසා ටික එතුවෙත් කුරෙයා.

ඔ්ක පරිස්සමින් පැත්තකින් තියපු යාලුවො ටික එතන තියෙන කලිසම් කෑලි ටික ඇද ගෙන නෑවත් කුරයා කලේ ජොකා පිටින්ම ඔයට බැහැපු එක.
"යනකොට වෙිලෙනවනෙ බන්"නාන ගමන් කුරයා එහෙමත් කිව්වා.පැය ශාගයක් විතර ගිනියම යනකම් නාන්න  ඔ්න කියලා නාපු කුරයා ගොඩ වෙලා අදාල කටයුත්ත ලස්සනට කරලෙන ගියාය කියමුකො.ඇදන් හිටපු ජොකා ගලවලා ඔලවට දාගත්තෙ කැප් එක දාගෙන තියෙන පුරුද්දට වෙන්නැති.කොහොමත් ඒක එතකොට ඉක්මනට වෙිලෙනවත් එක්කනෙ.
        එක් එක්කෙනාගෙ කතා වලට ඉල ඇදෙනකම් හිනාවෙලා මහන්සිය දැනෙන්න ගන්නකොට ටිකක් දවල් වෙලා.ඉස්කොල ඇරනේනත් ළගයි.ඉස්කෝල කෑල්ලක් ටොක් කරන්නත් එක්ක යන්නයි කස්ටිය සූදානම.ඔය අතර හිටිය සක්සස් වෙච්චි අය කලින්ම එතැනින් මාරු උනා.කුරයත් එක්ක ඉන්නවා දැක්කොත් බින්දුව තමයි.ඒකයි.අවසානෙට කුරෙයත් එක්ක පාරට ගොඩ උනේ දීපාලයා.උට කෑලි වැඩක් නෑ.හෝමො සෙක්සුඅල්..පොඩි කොල්ලො දිහා බල බල ආව දීපාලයාගෙ ගෙදර ටවුන් එකෙමයි.එතැනින කුරයට ටටා කියපු දීපාල වෙන් උණා.
     කවදාවත් නැති විදියට අද කුරයාගෙ සිකුරා හොදයි වගේ.වෙනදා අහක බලා ගන්න  කෙල්ලො සෙට් එක අද මූ දිහා බලලා ඉගි මරනවා.එකිනෙකාට රහස් කොදුරලා හිනා වෙනවා.කුරයට  හෙන චූන්.ටිකක් හුරුබුහුටි ගෑනු ළමයෙකුට කුරයා දන්න කාලෙක ඉදන්ම ට්‍රයි කරනවා.ඒත් ඉතින් මම හිතන්නැ ඒක අදටවත් ඉස්ඨ වෙලාද කියලා.ඒත් එයත් දැන් කුරයා දිහා බල බලා හිනා වෙන්නෙ අදනම් වැඩේ හරි කියලා කියන්න වගේ.

"අද බස් එකේ යනවා"
සාක්කුවට දාලා හෙල්්ලලා බැලුවේ බස් ටිකට් එකේ ගාන තියෙයිද බලන්න
    මාවනැල්ල ඉදන් ආපු බස් එක කට කපලා සෙනග.ඉස්සරහා දොරේ ඉදන් කොන්දා කෑ ගහනවා...
"මේක ස්කූල් බස් එකක් අනිත් අය ගන්නෑ.."කියලා..ඒ තියෙද්දිත් කුරයා පිටිපස්සෙ ෆුට් බෝඩ්එකට නැග්ගා...

කෑගල බාලිකා මයුරපාද රිවිසද මේ ඉස්කොලවල නංගිලා ටික මූට මෙනට ඇහැ දෙනවා.එකෙක් හොරෙන් බලනවා..තව සෙට් එකක් මූව පෙන්නලා අතින් කටවල් වහගෙන හිනා වෙනවා..මූටත් හෙන චූන්...හරියට කෙල්ලො වැඩියා කෙයාර් කරන්නෑ  වගෙ අහක බලාගෙන යනගමන් මු ගෙ සූටින් එක දිහා බලලා හිනා වෙනවා...
විනාඩි 15ක් විතර කන්ද ඇදලා මුදුනෙදි හති අරින්න වගේ නැවත්තුවෙ කුරයාගෙ ගේ ගාවින්මයි.ඊළගට පල්ලම බහින්න තියෙන්නෙ..බස් එකෙන් බහින කෙට මුලු බස් එක දිහාවටම ඇහ දාලා බලපු කුරයා හෙන ආතල් එලේ බැස්සෙ තාම නංගිලාගෙ ප්‍රතිචාරය පෙර සේම හොදින් ලැබෙම්න් තිබ්බ නිසා.බස් එකෙන් බැහැපු කුරයා රන්ජන් රාමනායක වගේ උගෙ සූටින් එකට  අහින්සක මනමාල හිනාවක් දැම්මා..
බස් එකත් සැර දා ගෙන යනකොටම පිටිපස්ස සීට් එකෙන් හූවකුත් පටන් ගෙන ඒක මුලුබස් එක පුරා විහිදිලා ගියා..


"පොඩි කොල්ලෝ ඊරිසියාවට.."
එහෙම හිතපු කුරේ කැප් එක ගලවලා අතට ගත්තා...

"හු..ට්....ටා......."

"කැප් එක ඔයේ...."
"එතකොට මෙච්චර වෙලා ඔලුවෙ දා ගෙන හිටියේ ජොකාද...."මම ඇහුවා

8 comments:

  1. මේ උඹලගේ ආච්චිගේ ... දුවගේ ලොකු පුතා නේද .... මම මේ අහන්නේ ඔරිජිනල් කට්ටා වත් ද ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..... ඔරිමජිනල් එක........

      Delete
  2. අනේද ඉතින් ...ඒ මම තමා..

    ReplyDelete
  3. (sameera)නියම කතාව කොල්ල එලමතමා

    ReplyDelete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං