කුප්පිය

කුප්පිය

Saturday, October 20, 2012

වඩුවයි බල්ලයි...ළගදිම....



      රජයෙන් දෙන සම්බා ටිකත් ගිලලා..රජයෙ වතුරම නාලා උන් කියන කරන දේ වැරදියි කියන්නෙ මම විතරක් නෙමෙයි.ඉතින් ඒක වැරදි නම් වැරදිම තමා නේ...ස්ටාර් වැඩසටහන් මට අපො වෙලා සෑහෙන කල් .ඒක හරියට මෙගා සීරීස් එකක් වගේ මගදි එපා උණා.ආයෙමත් මගෙ රස නහරවලට දැනෙන්න ගත්ත සටාර් වැඩසටහනක් නිමා උණා..

      මීට අවුරුදු කීපයකට කලින් මිලිටරියේ දක්ෂයින් සොයා ගිය ස්ටාර් වැඩ සටහන තමයි රණවිරු රියල් ස්ටාර්ස්. මම ඒකට ආසවුණ හේතුව මම මිලිටරි කාරයෙක් නිසාම නෙමෙයි.එ්කෙ තිබුණු අපූර්වත්වය හා විනිවිදභාවය නිසා. ඒ වගේම හැකියාවෙන් පිරිපුන් අට පාස් කොල්ලො ටිකක් උන්ගෙ වැඩ පෙන්නපු නිසා. එ්ක සිදු උනේ කොළඹට තදාසන්න ප්‍රදේශ වල විතරක් නෙමෙයි. ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ හිටපු අයටත් ඒකෙන් සෑහෙන්න වාසනාව පෑදුනා.

     හැබැයි ඒක එළියට එන තරම් ලස්සන කතාවක් නෙමෙයි වග මම දැක්කෙ  රණවිරු රියල් ස්ටාර්ස් දෙවන අදියරට කස්ටිය ලක ලෑස්තිවෙන විදිය දැකලා.

  කදවුරක බොහෝ දේවල් අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් වැඩ කරන තැනක්නේ. ඒ අවබෝධය හා සහයෝගය නැති වුණාම තමයි විවධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙ. හැබැයි එ්ක පුරුද්දට අරන් අපේ අය වැසිකිලියෙදි උනත් හරිම එකමුතුයි. එක පේළියට පිහිටලා තියෙන වැසිකිළි පද්ධතියේ කාර්ය කරන ගමන් ආගිය කතා සින්දු කෑලි මුමුණන්නේ හිතේ තියෙන් ආතතිය මග අරව ගන්න හොදම තැන ඒක නිසා වෙන්න ඇති.

ඒ සින්දු වලට අත්වැල් අල්ලන්න, කතාවලට හූ මිටි තියන්න මම ඕන වෙලාවක රෙඩි.

     මේ කතාව මම හිටපු හමුදා කදවුරේ සිදුවීමකට අදාලයි. ඒ  රියල් ස්ටාර්ස් එකට යන්න කැමති අය සදහා සම්මුඛ පරීක්ෂණයක් කැදවීමත් සමගයි.
"හොද වැඩක්"

"අපෙන් විතරක් 150ක්..."
"එච්චර ඉන්නවද බොල..හා ..හා.."
මේවා කණට ඇහුණ පළියට මම ඕවට යන්නෑනෙ. මිනිහෙක් කරන්න ඕන තමන්ට පුලුවන් දේ. 


දවාලට කෑවට පස්සෙ කාපුවගෙ අවුලක් ද කොහෙද පස්ස පැත්ත පොපියන්න ගත්තා. මාලුත් දවස් ගානක්ම පරණයිනෙ. බූට් දෙක විතරක් ගලෝ දාලා දුවන නොදුවන ගානට ගමන් කලේ මගේ කරුමෙට ඒවා අනවශ්‍ය තැන්වලදී එළියට ආවොත් අනිත් අයට හරි නෑනෙ. 
ඇතුළට යනවත් එක්කම තව දොරක් "දඩා...ස්" ගා ගෙන වැහුණ සද්දෙ ඇහුණා.
මට වෙච්ච නස්පැත්තියම වෙන්නැති..
දිව්‍ය ලෝක සැප ශරීරයට එන්ටර් වුණා. ඇස් දෙක වහගෙන ඒ සුවය විදින්න ඕන හින්දා මම එහා පැත්තෙ එකත් එක්ක කතාවට ගියෙ නෑ..


''ඔයා නිසා අඩලා..ආ....ආහ්..ම්ම්හ්....''(පෘෘෘෘ...හ්)
      වයසක කට හඩක් තාලෙ හොයන්න මාර ගේමක් දෙනවත් එක්කම අධෝ වාතයකුත් පැනපි..

     තව මාස 3-4කින් විශ්‍රාම ගන්න ඉන්න චරිතයක්. වයස 40 පැනලා. මම දන්න තරමින්  සින්දු නම් මළාට කියන්නෑ.

"සින්දු කියන්නනම් බෑ මචං. හෙලුවෙන් නටන්න කිව්වොත් ඒක කරන්නම්." ඒ තරම් සින්දු වලට ප්‍රතිචාර දක්වපු පොරක් එක පාරටම අර තරගෙටවත් යන්නද. මට හිතා ගන්න බැරි වුනා. මොකද දැක්කෙ නැති වුනාට කටහඩ මට වරදින්න විදියක් නෑ.


"ඇයි මේ වද දෙන්නේ ඈ..." බැරිම තැන මගෙ කට ඇරුණා.


"ආලෝ.... චාලියා උඹත් ඉන්නවද.? මේ 'රියස්ටාල්' දාලනෙ"

"දාලා කියන්නෙ.."
"ඔව් අර 150ට කට්ටිය අඩුයි කියලා මගෙ නමත් දාලා. මගෙ විතරක් නෙමෙයි තව සෙට් එකක්ම ඉන්නවා..හිහ් හිහ්"

"ඉතින් ඔය පුලුවන් සින්දුවක් කීවොත් නරකද..වයසට හරියන එකක්..දන්නෝ බුදුන්ගේ..වගේ..." ඒ මම දීපු අයිඩියා එක 
"වැඩක් නෑ මචං..මගේ නමට ඉස්සරහින් තියෙන්නෙ මේ සින්දුවයි..වාඩා මාපිල කියන දෙමළ සිංදුවයි..ඒවා පුරුදුවෙන්න එපැයි.."
මේ චාලි...පුලුවන්නම් මට අර දෙමළ සින්දුව හොයලා දෙනවකො.." චාලි කියන්නේ කෑම්ප් එකේ ඉන්න උං මට කියන නම. ඒක රේඩියෝ හරහා පණිවුඩ හුවමාරුවේදී පොදුවේ වෛද්‍ය කණ්ඩායම් සාමාජිකයින් හදුන්වන සංකේත නාමය
"සින්දුවනම් හොයලා දෙන්නම්. එත් යකෝ බැහැයි කියන්න තිබුණනෙ.. කොහොමත් පළවෙනි වටයෙන්ම කැපෙන එකනෙ.."
"ඒක නම් ඇත්ත.. 
      ගෙදර උන්දැට ණයට කන්න කියලා මේපාර  මගෙ පඩිය වියදම් කරන්නෙ 'රියස්ටාල්' වලට. ගෙදර යන්න තියෙන මේ දවස් 50 කලු කරගන්නත් එක්ක ඔන්න ඔහෙ කමක් නෑ.
      බෑ කීවනම් මගෙ පටියක් දෙකකුත් ගලවගෙනම ගෙදර යන්න තිබුණා ඉතින්."
"හා හා .." කියපු මම එළියට ආවා.
ආයෙත් අර සිංදුව  ඇහුණා

"ඔයා නිසා අඩලා...ආ..ආ..හ්....." (පුෂ්ෂ්ෂ්ෂස්ස්...ටොහ්)
"මගේ ඇසුත් රිදුනා...ආ...ආ..හ්.." (පර..පර..පර..පර...චිරිස් පූ..හ්)
"වාඩා මාපිල...ඩිඩී ඩිඩී තෝපුල... වොලිබෝල් ලාඩලාමා.. මුගේ අම්මගේ මාලු හොද්ද...පුකත් එක්ක දනවා රීලම.''






4 comments:

  1. අාාහ්..... හදත් පායලා තිෙයන්නේ.......

    උස්සාපිටියයි ෙකාත්මලෙයි මතක් උණා

    ReplyDelete
  2. හ්ම්ම්..හ්ම්ම්..තේරුණා අරං යන මරිසිය!

    ReplyDelete
    Replies
    1. දතුත් නෑ..."ස" යන්න එහෙම ඔ්ෆ්ලො වෙනවා ..බුවාලගේ..

      Delete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං