කුප්පිය

කුප්පිය

Tuesday, October 16, 2012

පට්ට රහයි ඔියි..







මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා..
මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ මන්නාරමින් ..
හැබැයි  ඉතින් ඒවායේ මස් නම් තිබුන්නෑ ගෙදර එනකොට..කටු ටික විතරයි..


ඇයි යකෝ පැය අටක් විතර ඒක බෑග් එකක දා ගෙන ඇවිල්ලම මං ගාව මාලු ගදයි..ඉතින් ඒ හින්දා මම බෑග් එක බස් ඒකේ උඩ රැක් එකකට දාලා මගෙ නෙමෙයි වගේ ආවේ...

බස් එකේ එවුන් නම් බලන්නෙ මන් දිහාමයි..කොහේ තියලා කොහේ ඉදන් හිටියත් මාත් රට ඌරෙක් වගේ පේන්න ඇති.මට නම් ගද සෙන්ටිමෙන්ටල් වෙලා තිබ්බෙ.වැඩිය ඒ ගැන හිතන්න ගියෙ නෑ.. නරකයා කොච්චර උනත් මම ගේන ඒවට ෆේවරිට්..
හැබැයි ඉතින් මගෙ කරුමෙට ද නරකයාගෙ කරුමෙටද මන්දා කකුලුවො ටික එන කොට කුණු වෙලා ගද ගහවා...

"ඉව්වට පස්සේ අව්ලක් නැති වෙයි "

කුස්සිය පැත්තෙන් ආපු සද්දෙ තව ටිකක් වැඩි උනේ අම්මගෙ දොස් පොරොස් ටික ගානට අඩු නැතිව ඌ  අහ ගත්ත නිසා..
කොහොමත් උගේ කේස් වලට මං බැනුම් අහන එකේ මගේ මේ කේස් එකට ඌ අහගත්තාම මොකද...

ගමන් මහන්සියට වැඩිය දවල් බීපුවගෙ අමාරුවට මන්දා මට නින්දක් ගියා පැයක විතර..
ඇදෙන් බැස්සේ කකුලුවො අස්සෙම දා ගෙන ආපු ඉස්සො ටිකට "පහර දෙඥ්ඥං
" කියා ගෙන

හිහ් හිහ්...... මං එනකොට නරකයා අම්මත් එක්ක බත් පිගානක් පුරවගෙන කනවා මූණ වැහිලා බත් එකට, අනික මට කතා කරන්නෙත් නැතිව...ඒකමයි මට තරහා..

ආපු ආවේගෙට  අම්මට සද්දෙකුත් දැම්මා...
"අම්මා කෑවෙ නැති උනාට මමනම් කනවා.."

ඒක අහපු අම්මා කියපු කතාවට මම ආයෙම ගිහින් ඇදට වැටුනා..

"ඔව් ඉතින් ..නරි... කක්කුට්ටො කන්නෙ.."

3 comments:

  1. නරකයා කක්කුට්ටොත් කෑව එහෙනම්
    අයියා පරන ඇරියස් එකක් අල්ලලා වගේ මල්ලිගෙන්

    ReplyDelete
  2. නෑ ..නෑ..ඉතින් ඒක ඔන්න ඔහෙ අමතක කරමු...නේ් නරකයා...

    ReplyDelete
  3. උඹ ටිකක් හරි... සමාජවාදය කියන්නෙ බෙදාගෙන කන එක වගේ එකක් තමා. මං උඹට ගව්රව කරනව. උඹට කොන්දක් තියන එකට. හැබැයි සමාජවාදය ගැන දන්නැති එකට බනිනවා. මොකද උඹ ඒ ගැන දැනගත්ත නම උඹට මිනිස් වර්ගයා වෙනුවෙන් ඔයිට වැඩිය දෙයක් කරන්න ප්‍රලුවන්.....

    ReplyDelete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං