කුප්පිය
Wednesday, October 24, 2012
කෑමට පෙර ...නිට්ටාවට සුවයි...
පුංචි පුංචි චරිත අස්සෙ හැංගිලා තියෙන දුර්වලකම් එළියට එන වෙලාවල් ඔ්න තරම් තියෙනවා.ඒක එහෙම වෙන්නෙත් අපි නොහිතන නොපතන වෙලාවක.
මම මේකියන්න යන එක දුර්වලකමක්ද තවත් එක මානූෂීය හැගීමක්ද කියලා මම වර්ග කරන්න ගියෙ නෑ.ඒ මම ඒකෙන් හෙන ආතල් එකක් මිසක් වෙන මොනවත් එතැනින් අරන් ගියෙ නැති හින්දා.
නගරයේෙ වළද සංකීර්ණය හිස් දහස් ගාණකින් පිරිලා.නිවාඩුවක් යන ගමන් මාත් ඔය මින්ස්සු අස්සෙ කරක් ගැහුවේ අතට අහු උනොත් දෙයක් අරන් යන්න කියලා හිතා ගෙන.සෑහෙන දවසකින් ආපු මට මිතුරු හවුලකට ඉඩක් තිබ්බෙ නෑ.මාව නොහදුනන නිව් ජෙනරේෂන් එක සිදාදිය අපූරුවට පිළි අරගෙන තිබූණා.කාලෙන් කාලෙට අලුත් වන පරම්පරාව පිළිගන්න එක ටවුමට අලුත් අත්දැකීමක්යෑ.ඉතින් ඔය අස්සෙ මගෙ ඇස් වලට අහුඋණ දෙයකුත් තිබ්බා.....
පංති හරි ටියුෂන් හරි මොකක් හරි උවමනාවකට ආපු ගෑණු ළමයෙක් වෙන්න ඇති.එත් එයා තව තරුණයෙක්ගෙ අතේ දැවටිලා..නෑ..නෑ..ඒක මේ කතාවේ හොදම හරිය නෙමෙයි..මොකද එහෙම දේවල් සාමාන්‍ය කරණය වෙච්ච මේ රටේ එහෙම දේවලට තැනක් නෑ....
ගෑණු ළමයා හැඩයි....සෙනග අස්සෙ උනත් කිසිම ලෝබ කමක් නැතිව කොල්ලත් එක්ක හුරතල් වෙනවා.ෂිහ්...අපේ උන්දෑ හිටියනම් පෙන්නන්න තිබුණා හුරතල් වෙන හැටි...
යකෝ....මේ අපේ බොසාගෙ මල්ලි නේද....හෑ...මේකා බැදලානෙ බොල........ඇත්තො කති ..බොති..සුඛති......
ඒක එහෙම්මම මගේ කටින් පිටවෙලා කියලා මට තේරුණේ මං ගාව හිටිය මැද පහේ ගෑණු කෙනෙක් අතින් කට වහගෙන මං ගාවින් දුවගෙන වගේ ගිය හින්දා...
ඔ්න්න අපේ උන්දැලාගේ භාෂා ඥානය..මම සුඛති කියලා කිව්වේ සැප විදිනවා කියලා කියන්නනෙ...මට මොකෝ...මං යනවා අරුං දෙන්නා පස්සෙ...
මගේ නිර්ව්‍යාජ ව්‍යායාමය ඵලක් නැති උණා....මගෙ නයි මල්ල (මගෙ රෙදි බෑග් එක) උස්සන් මේ මිනිස්සු රොත්ත අස්සෙන් මට ටයිමින් එකට යන්න බැරි උණා..ඌයි උගෙ ළපටි කෑල්ලයි මරුටි කාර් එකකින් මාරු උණා..ෂිහ් මගෙ කරුමෙ..උගෙ වෙලාව...මොනවා කරන්නද...හිත හදාගන්නවා මිසක්...මම හිමිට හිමීට බස් ස්ටෑන්ඩ් එකේ වත්් ලගින්න හිතානයි ගියේ...
හැබැයි වැඩි වෙලාවක් ගියෙ නෑ...කාර් එක ආපහු බස් ස්ටෑන්ඩ් එකේ පැත්තක නවත්තනවා මම දැක්කා...දැන්නම් ඒ ගැන හිතලා වැඩක් නෑ.උන්ගෙ වැඩක් උන් කර ගත්තාවේ..හැබැයි ඉතින් පව් අර පොඩි එකී...මම එහෙම හිතලා වෙනතක් බලාගත්තා...
"ආ..කු්පි මල්ලි..නිවාඩු එන ගමන් වගේ "මගෙ කරට බර අතක් වැටුණා...
"ආ ලලිත් අයියා..."බොසාගෙ මල්ලිට මම නම කියලමයි කතා කරන්නෙ..
"මං දැක්කා සූටින් එකකුත් එක්ක යනවා...කෝ දැන් ..ගිහින් ඇරලුවාද...?"
"නෑ..නෑ...රූම් එකේ..."
"මේමට උදව්වක් කරනවකො......"
"මොකක්ද....?"
"හෝමෝටැස් කියලා ඉල්ලුවාම දෙනවා..එයින් පැකට් එකකුයි..කොන්ඩම් පැකට් එකකුි..අර ෆාමසියෙන් ගෙනත් දෙනවකො..."
"පිස්සුද අයියා විලිලැජ්ජාවේ බෑනෙ ඔ්ව ඉල්ලන්න..ඔ්නනම් අර ටැබ්ලට් එක ගෙනත් දෙන්නම්..."මගෙ මරුවා හිසටම ආවේශ උණා...අලි &&%$*&යි අපි.......?
"අරි අරි මං ඔවට ගානට සලකන්නම් කුප්පියෝ....ෆාමසියට ගියාම එහා පැත්තෙ කෙළවරෙ රාක්කෙ උඩ තට්ටුවෙ තමයි කොණ්ඩම් තියෙන්නනෙ..ඒක පෙන්නලා එයින් එකක් ඉල්ලනවා..එතකොට දෙනවා..."
මාව බලෙන්ම බෙල්ලෙන් අල්ලලා වගේ තල්ලු කරා....
මම යන්න ඇරලා "මල්ලී ..."කියලා කතා කරපු ලලිත් කාරයා "මෙන්න මෙහෙම රූපයක් තියෙයි...බලන්න...."කියලා අතේ ඇගිලි ටික නමලා හැඩයක් පෙන්නුවා..ඔ්ක ඉතින් ඔය යකා මටකියන්න දෙයක්යැ...
චන්ඩියා වගේ ෆාමසියට ගියාමයි දැක්කෙ එතැන වැඩ කරන පිරිමි පුල්ටක්වත් නෑ කියලා..ඉරිදා දවස හින්දා ඒකෙත් සෙනග....මොනවා කරන්නද..ලං කරා දඩි බිඩියේ වැඩ කරන ගෑනු ළමයෙක් ගාවට..ඔය අස්සෙ ලලිත් ලොක්කා කිව්ව විදියට කොන්ඩම් තියෙන තැනත් හොයා ගත්තා...
"මොනවද සර්.."කෙල්ල ඔලුව උස්සන්නෙ නැතිවම මගෙන් ඇහුවේ ඒ තරම්ම වැඩ අධික නිසා...
"ම්...මට අර අරවයින් එකක් දෙන්නකො.."ඒ පාර කෙල්ල මං දිහා බලලා මං ඇගිලි දික් කරන් ඉන්න දිහා බැලුවා..
"මොනවද සර් ..හෙයාර් ඔයිල්ද.."
"නෑ..නෑ..කෑ ගහන්නැතුව බල්නකො අන්න ඒකට එහා පැත්තෙ තියෙන්නනෙ"
"ආ...කොරෙක්ස් ඩී වෙන්නැති..."කට හඩනම් අඩු උන්නෑ..හැබැයි එ නම කියනවත් එක්කම මං දිහා එතැන හිටපු කීපදෙනෙක් උන්ගෙ රබර් ඇහැ දානවා මගෙ ප්ලාස්ටික් ඇහට අහුඋණා..මේකි මාව කොටස් කර විකුණයි වගේ...
" අනේ නෑ අක්කෙ..අර අර තියෙන්නෙ රතු පාට පෙට්ටියේ..."
"ආ....ප්‍රීති.ද..කොන්ඩම් නේ..."එකිට ගානක් නෑ.මගේ පටි ටික හෝදලම රෝල් කරා..
මිනිස්සු දිහා බල බලා ඉන්න වෙලාවක් නෑ..ටක් ගාලා මෙතැනින් මාරු වෙනන ඔන...
"හෝමො ටෙක්ස් පෙති තියෙනවනම් ටක් ගාලා දෙනවද අක්කෙ..."කෙල්ලටත් හිනා...
"ආ මල්ලි මේක පැය භාගෙකට කලින් බොන්න"
මොනවා කියනවද මන්දා ඇත්තටම තේරුන්නැති හින්දයි ඇහුවෙ..
"කෑමට පැය භාගෙකට කලින්ද..."
කඩේ උන්දැලා සේරම මං දිහා බලන් හිටියේ හරි ආතල් එකේ උනාට මට සර්ව් කරපු ගෑණු ළමයා නම් බලන් හිටියේ මාව අල්ලලා පොලොවේ ගහන සයිස් එකෙන්...
යමක් කමක් තේරන මගෙ මොලේට ක්ෂණිකව විඥානය උනේ"ඉක්මනට මාරු වෙයන්" කියලා..
රූං ගාලා සෙනග පීරන් එළියට එනකොට ගෑනූ දෙතුන් දෙනෙක් අම්මගෙ නම කියලා මම එයාගේ පුතා යැයි කියනවත් ඇහුණා...
Subscribe to:
Post Comments (Atom)
උණුවෙන් බලන්න
නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං
-
පුංචි පුංචි චරිත අස්සෙ හැංගිලා තියෙන දුර්වලකම් එළියට එන වෙලාවල් ඔ්න තරම් තියෙනවා.ඒක එහෙම වෙන්නෙත් අපි නොහිතන නොපතන වෙලාවක. මම මේකියන්න ය...
-
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
-
සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා.නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙ...
-
මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා.. මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ ම...
-
පොයියා පාර්ලිමන්ට් ගියා වගේ........ අදටත් මට හිතාගන්න බැරි දෙයක් තමයි පොයියා මෝඩ වැඩ කරන එක නවත්තන්නැත්තෙ ඇයි කියලා.ස...
//ෂිහ්...අපේ උන්දෑ හිටියනම් පෙන්නන්න තිබුණා හුරතල් වෙන හැටි...//
ReplyDeleteහූ... හූ....
ඇයි....අයි..හූ කියන්නෙ...එයා මාව හුරතල් කරනවා...මොකෝ...
ReplyDeleteහි.. හි..
ReplyDeleteගම ගිනි තියලා ඇති දැන්ම ...
ReplyDeleteගමේ උන්ට කීවනම් තව කමක් නෑ..ගෙදර යන්න හම්බුනනෑ අම්මා ස්ටොරියම මට ආපහු කියනවා..එකනෙ දුක...
Deleteපට්ට කතන්දරේ ඈහ්....
ReplyDeleteකුබූ
ගොතපුවා නෙමෙයි..නම් ගම් සියල්ල ඇත්තම ඇත්ත..............
Deleteකුජීතයි නේද,,,
ReplyDeleteආයෙත් අහලා...කෑමට කලින් නෙමෙයිනෙ බොන්න කියලා තියෙන්නෙ.
Deleteෂීක් නානවා කියලා ඔහොමත් නානවද මං අහන්නේ.....
ReplyDeleteඈහ්...කට..කට..
Deleteඅයියා කොලඹ ආවම කියන්නකො. මාත් මෙ ෆාමසි යවන්න කෙනෙක් හොයා ගන්න බැරුව හිටියෙ :). :D
ReplyDeleteඇයි කක්කා බරයි කැරකිල්ලයි වගේද...
Deleteහරි හරි බය වෙන්න එපා..මං ගාව සීල් තියපු හිස් තුණ්ඩු තියෙනවා...ඔ්නද එකක්....
Deleteහෙහ් හෙහ් ෆාමසි කතාවක්.. මමත් ඔහොම මට වෙච්ච එකක් අන්තිම පේලිය සයිට් එකට ලිව්වා..
ReplyDeleteලින්ක් එක දාමු බලන්න එහෙනම්...මේ බන්නෙ මං හිතන කෙනාවත්ද (සරම සරම)
Deleteඔව් ඔව් මමත් අහලා තියනවා ඔය අහවලාගේ පුතානේ කියනවා .. ... එල
ReplyDeleteවෙන්නැති වෙන්නැති .ඒ දවස්වල හරි ජනප්‍රිය සටන් පාඨයක් තමයි ඒක...
ReplyDelete