කුප්පිය

කුප්පිය

Tuesday, September 4, 2018

නොනිමි (EP 02)

”සර් ..අපි දැක්කෙත් නෑ එනවා” යශෝධා හුන් තැනින් නැගිට සිටියාය.

“ඒක තමා. සර් අපි ප්‍රොෙෆසර්ගේ වීඩියෝ එක බල බලා හිටියේ. ලයිබ්‍රියට යන්න කියලා හැදුවා විතරයි.”
ගිම්හාන් පිළිතුරු දුන්නේ කාවිංගගේ බෑගයට තම අත තුබූ ‘ටැබය’ රිංගවමිනි. කාවිංගද තම ලිපිගොනු
කවරය සියතට ගත්තේ හුනස්න කකුලෙන් ඇතුල් කරමිනි.

“ඔහොම ඉන්නවලා පොඩ්ඩක්. මොකද තදියම” එවර ආචාර්යවරයාගේ ස්වරය වෙනස් විය.
“මං ආවේ තමුසෙහේලා ලයිබ්‍රරි යනවද නැද්ද බලන්න නෙමෙයි. වැදගත් කාරණාවක් ගැන අහන්න.
තමුනුත් ඒකට කැමැතියි කියලා මං දන්නවා. හැබැයි මං දැන් යනවා. ප්‍රොෆෙසර් උපේන්ද්‍රගේ රිසර්ච්
එක ගැන කියන්නයි මං ආවෙි. සි යු ගයිස්” පේෂල කියූ දේ ගිම්හාන්ගේ සිහියට වැටෙන විට හේ
ආපනශාලාවේ දොරකඩ ඉක්මවමින් සිටියේය.
“අම්මට සිරි..දුවපං බොරා..දුවපිය.අරූව පොඩ්ඩක් තියා ගනිං හරකෝ..” කාවිංගගේ උස් හඩ ආපනශාලාව
පුරා පැතිරුණද ඒ නොසැලකූ කාවිංග, ලහිරුව ඇද ගෙනම දුවන්නට විය.
“ඒයි අරූට පිස්සුද කන්නව ඇදන් දුවන්නේ බොරා..බොරා.. කිය කියා”  යශෝධා මෙන්ම ගිම්හාන්ද
ඒ පිළිබදව දැක්වූයේ මද උනන්දුවකි. කොහොමත් ආචාර්යවරයා තම සිත් නොගත් අයකු වීම නිසාම
එය පිළිබව උනන්දු නොවීම එක් කාරණාවකි.අනෙක තමන් කථා කළ කී දෑ පිළිබදව වෙනකෙකු විසින්,
විශේෂයෙන්ම ආචාර්ය කාරියකරවන නොහොත් ‘ක(ැ)රියා’ උනන්දුවීම ගිම්හාන්ගේ බලවත් නොසතුටට
හේතු විය.
“යශෝ..කන්නාට කෝල් එකක් ගන්නකෝ.. මගේ ෆෝන් එකේ සල්ලි නෑ..” ගිම්හාන්ගේ එවදන් ඇසූ
යශෝධරාට ඔහු ගැන අනුකම්පාවක් ඇති වුණි. ලෙන්ගතුකමක් හදවතේ මෝදු වී තිබුණද ගිම්හාන්ගේ ඒ
පිළිබද ඇති ආකල්පය කුමක්දැයි නොදත් නිසාම එය තම සිත තුලම සගවා ගෙන සිටින්නට යශෝධරා වග
බලා ගත්තාය‍. කුඩා කලදී සුනාමි ව්‍යසනයෙන් මව අතුරුදන් වූ බව ගිම්හාන්ගේ මතකයේ ඇත. ඒ වග තමා
හා කියා ඇත. මව හා දැඩි ලෙන්ගතු කමකින් ආදරයකින් සිටි පියාගේ මානසික තත්ත්වය කොතරම් පහල
මට්ටමක වූයේදැයි කියන්නට තමා නොදත්තේ ඒ පිළිබදව ගිම්හාන් විසින් වැඩි දෙයක් තමා හට කීමට මැලි
වීම නිසාය. නොඑසේනම් හිතාමතාම කථාව මග හැරී නිසාය. ඔහුගේ පවුලේ විස්තර වැඩි යමක් යහළුවන්
දැන සිටියේ ද නැත‍. විශ්ව විද්‍යාල නිවාඩු කාලය හෙතෙම ගෙදර යන බව දන්නා නමුත් ඒ කොහේදැයි
යශෝධරා නොදැන සිටියාය. නමුත් ඒ මුහුදු බඩ නොවන වගනම් ඈ දැන හුන්නාය. ඔහුගෙන් කරුණු හාරා
අවුස්සන්නට ඈ අකමැති වුයේ දැඩිලෙස තැන්පත් අයෙකු වූ බොරා, අතලොස්සක් වූ වාවගත නොහැකි
ප්‍රශ්නාවලියක් වී නම් එහි අංක එකෙහි ලා ගැනෙන ප්‍රශ්නය වන්නේද ඒ ඔහුගේ පවුල පිලිබද අසනා පැනයන්ය.
වෙසෙසින් ඔහුගේ පියා ගැන කිසිවකුත් ඔහුගෙන් නොවිමසීමට වග බලා ගත්හ.
“කන්නා..මොකද කාරියා කියන්නෙ”  දුරකතනයෙන් ලහිරුව ඇමතූ ගිම්හාන් හට අනෙක් පසින් පිළිතුරු
ලැබිණ.
“අනෙ උගෙ අම්මගෙ රෙද්ද. ඌ මොනවත් කිව්වෙ නෑ. ඕන්නං හෙට 2 ට ඇවිත් හම්බෙන්ඩලු. අපිට වාසියක්
වෙන වැඩක් කිව්වා”
“හරි..හරි ඉතිං හෙට හම්බෙමු ”
“පිස්සුද බොට. බොරා…... හෙට 2ට තමයි ප්‍රොෆාගේ ඉන්ටවු එක”
“අප්පට සිරි.දැං මොකද කරන්නෙ”
“අනේ මගෙං කුණුහරප අහගන්න එපා තෝ.මී හරකෝ කාරියා ගැන උඹයි මායි දන්නෙ අද ඊයෙ ඉදන්
නෙමෙයිනේ. පිස්සු කෙලින්නැතිව යමං ප්‍රොෆාගේ ඔෆීස් එකට හෙට හරියටම 2 වෙද්දී. ඉවාන්ලත් මේකට
ඇහැ ගහගෙන ඉන්න වග ආරංචියි”
“හරි..හරි. මං යනෝ දැං”
“ කොහෙද?” ඒ ප්‍රශ්නය ලහිරුගෙන් මෙන්ම යශෝධාගෙන්ද එකවර ඇසුණෙන් ගිම්හාන් සිනහ වී  
“ඉවාන්ට කුප්පියක් දෙන්ඩ තියෙනවා” යී කීවේ දුරකතනයට මෙන්ම යශෝධාගේද මුහුණ දෙස බලමිනි.
ඇගේ මුහුණේ වෙනස්කම හෙතෙම මැනවින් තේරුම් ගත්තද ඒ තුළ අකමැත්ත ප්‍රකාශ වුවද තම ජීවිතයේ
ආදායමක් ඇත්නම් ඒ තමා උගත් දේ, දැනුම, මුදලට තවකෙකුට ලබා දීම බව ඈ තේරුම් ගෙන ඇතැයි සිතා
ඒ පිළිබදව වඩාත් නොසලකා සිටින්නට හෙතෙම වගබලා ගත්තේය.
“ඉබ්බි එනවද ඔයාව එක්කන් යන්න” ඉවාන් පිළිබදව නොසැළකිලිමත්කමින් අසනා ස්වරූපයක් ගැබ් වී
ඇතැයිද එය ඈ ආරූඪ කර ගත්තකැයිද ගිම්හාන් මැනවින් දත්තේය.
“ඔව්..කෝල් එකක් දෙයි දැං. ලෙක්චර්ස් ඉවර වෙලා” යටැසින් ඈ දෙස බලමින් ගිම්හාන් පවසනා අතරතුර
යශෝධා වෙනතක් බලා සිටිනු දුටුවේය.
“අන්න එනවා ඔයාගේ කෑල්ල” යි යශෝධා පැවසූයෙන් එසෙද බැලූ ගිම්හාන්හට ඉවාන් දුර සිට තමා
දෙසට එනු දුටුවේය.මං දැක්කා ඉබ්බි උඹලා පිකට් එක්කට පෝස්ටර්ස් අදිනවා” ඉවාන් ඔවුන් අසලට
පැමිණි පසු යශෝධා ඉවාන් වෙත සුහදශීලී සිනහවක් පාමින් විමුසුවාය.
“ඔව් ඔව්. අන්තරේ වැඩ වගයක් කියලා ජෙප්පෙක් ගෙනත් දුන්නානෙ බං. මට නං එපා වෙලා තියෙන්නෙ.”
ඉවාන් එය කැමැත්තකින් නොකෙරුවද ජ්‍යෙෂ්ඨ සිසුවෙකුගේ ඉල්ලීම නොසලකා හැරිය නොහැකි බවය ඈ
කීවේ.
“අනේ ගිම්හාන් මං ආවේ අද කුප්පිය දාන්ඩ ඕන නෑ කියන්ඩ. මට මහා..න්සියි, ප්ලීස් අපි හෙට අනිවා කරමු.”
“ඕකේ ..ඕකේ ඔයාගේ කැමැත්තක්. මට මොකෝ”
“මෙන්න මෙහෙ යමං ලයිබ්‍රරියට .ඉවාන් බායි. හෙට හම්බෙමු” යශෝධාගේ ක්ෂණික ප්‍රතිචාරය ඉවාන්
බලාපොරරොත්තු නොවූවා සේම ගිම්හාන්ද ඇගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකිව ඈ පසු පස ඇදුණේය.

No comments:

Post a Comment

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං