කුප්පිය

කුප්පිය

Friday, August 31, 2018

නොනිමි (EP 01)

මේක සෑහෙන කාලෙක ඉදල මගේ හිතේ පැල වෙච්ච කතාවක් .ඕන පුකක් වෙන්න කියල මේකේ කොටස් වශයෙන් දාන්ඩ තිරණේ කරා. හැබැයි ඉස් ඉස්සෙල්ලාම මේ කතාව නව කතා කියවන්නෝ 📖📖  (එෆ්බී )වල දම්මා. හැබැයි ඒක කියවන්න කැමති උං ව අතරමං නොකරන්නයි මං මේක කරේ. මොකද මට සැකයි මේ ටයිප් එකේ කථාවක් ඒවගේ පේජ් එකක හිට් වෙයි ද කියලා. එකෙකුට දෙන්නෙකුට හරි අසාධාරණයක් නොකරන්න මට පොඩ්ඩක් උඹලට අසාධාරණයක් කොරන්ඩ සිද්ධ වෙනවා. තරහා නෑනේ..


1 වන පරිච්ඡේදය


උදේ සිට ඇද හැලෙන චිරි චිරිය ආරණ්‍ය සෙනසුනේ වැඩ විසූ මහළු තෙරණුවන් හට තම
භාවනායෝගී බවට පීඩාවක් වූයේ නැත. තවමත් අසූ විය නොයික්ම වූ භද්දිය තෙරුණ් ගේ
අතවැසියා වූ තාරුණ්‍යය ඉක්මවූ වංශපාලගේ වත ගොත අභිරහසකි. තම නෑ සියන් පිළිබඳව
හෝ ගම් පලාත පිළිබඳව ඔහු හට අමතකය. නැතිනම් ඕනෑ කමින්ම නොකියා සිටියේය.
ඒ වගක් භද්දියතෙරුණ්ට අවැසි වූයේද නැත. තම අරමුණ කරා යන ගමනේදී අත් හල යුතු දේ
හැරෙන්නට තව තවත් ගොඩ ගසා ගැනීමට තෙරුණුවෝ අකමැති වූහ. භාවනායෝගී වන්නට
පන්සලෙන් නික්ම ආවේ තනියම වුවද පොඩි හාමුදුරුවන්ගේ කිමට යැයි කියා අතවැසිකමට
පැමිණි වංශපාලගේ ආගමනය උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා හැරෙන්නට මුවින් නොබැන
සිටින්නට තරම් කාරුණිවූ උන්වහන්සේ ටද තවත් විදියකින් එය තරමක් ඉස්පාසුවක් විය. කැලේ
කරක් ගසා අල ජාතියක් හෝ තම්බා දෙන්නට වංශපාල වග බලා ගත් හෙයින්ම භද්දිය තෙරුණ්
බඩගින්නේ හුන් දවස් ඉතාම අල්ප වීය.

මීදුම් රැල්ලට ගත හිරිගඩු පිපෙන කඳුවැටිය පුරාවට වරෙක සිහින් වැසි සරයකුත් විටෙක
මන්දස්මිත හිරු එලියෙකුත් මෙන්ම කිරි කැටි වළාවන්ට මුවා වූ හිරුගෙන්  මන්දාරම් ගතියකුත්
ලෙස වරින් වර වෙනස්වන ගති ලක්ෂණ සාමාන්‍ය සිදුවීම් වේ. කුරා කුහුඹුවාගේ සිට මෘග
වලස්සුන්ගෙන්ද දිවියන්ගෙන්ද ගහණ වන පෙත මිනිස් වාසයන්ගෙන් නොයිඳුල් බව
නොකෙළෙසන්නට භද්දිය තෙරුණ් මෙන්ම වංශපාලද වග බලා ගත්හ. අතීතයේ රහතුන්
වහන්සේ වැඩ සිටියා යැයි ඉතිහාසගත සාක්ෂ්‍ය තවමත් නටඹුන් සේ තැන් තන්හි පිහිටා තිබුණා
සේම ඒ  පිළිබඳව පඩිවරුන්ගේ සටහන් රැගත් පුස්කොළ පත් හි සාක්ෂ්‍ය භද්දිය තෙරුණ් සතුව
පැවතින. උන් වහන්සේ එම පාරම්පරික උරුමය වෙනුවෙන් වර්ථමාන ජීවමාන ප්‍රතිරූපකය වීය.

''හාමුදුරුවනේ...!"
"හ්ම්...."
"ඔබ වහන්සේ හීල වළඳලා නෑනේ තවම.."
"කැඳ එක ඇති වුණා උපාසක"
"එහෙනම් තම්බපු අල ටික‍"
"ඒක මම දවල් දානෙට ගන්නම්. තියෙන පලියට නාස්ති කරන්න ඕන නෑ.උපාසක තමුන්ට
මොනවා හරි ටිකක් හදා ගන්නකෝ.."
එම සංවාදය එතෙකින් නිම වන්නේ වාද විවාද වලින් තොරවය.භද්දිය තෙරුණ්ගේ කීමට පිටින්
යන නිසාම වංශපාල භද්දිය තෙරුණ්ගේ භාවනායෝගී බවට පහසුවකි.

විශ්ව විද්‍යාල භූමිය සිසුන්ගෙන් යුහුසුළු වී ඇත. මහාචාර්ය උපේන්ද්‍ර වික්‍රමපාලගේ පර්යේෂණ
වාර්ථා එළිදැක්වීම එයට හේතුවයි. ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වන ලැරී ස්ටෙපාන් සමඟ
සිදු කළ විශ්ව ශක්තිය පිළිබඳ පර්යේෂණය ශ්‍රී ලාංකික මහාචාර්යවරයා විසින් නව මඟක් ඔස්සේ
අදහස් දැක්වීම හා ලැරී ගේ අදහස් හා එකඟ නොවීම යන කාරණා මූලිකවද තවත් බොහෝ
නොගැලපීම් නිසාද ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයා එම පර්යේෂණ කටයුත්ත අතරතුර එයින්
ඉවත් විය. නමුත් මහාචාර්ය වික්‍රමපාල තම අදහස් හා යමින් මීට දින දෙකකට පෙර අඩක් නිම
කළ පර්යේෂණයේ මතවාදයන් පර්යේෂණ වාර්ථාවක් ලෙසට එළි දක්වන ලද්දේ ඔහුගේ
පර්යේෂණය සඳහා නව සහායකු සොයා ගන්නා වෙනත් පරමාර්ථයක්ද පෙරදැරිවය.
"සෘධියෙන් වැඩම කිරීම වෙනුවෙන් වැය කරන්න ඕන ශක්තිය මානසික ශක්තියයි. රහතුන්
වහන්සේලා සතු වූ එම ශක්තිය විශ්වය තුල අසාමන්‍ය ශක්තියක් සහිතව, ඒ වගේම රහසිගතව  
ප්‍රභවයක් ලෙස රැඳී පවතිනවා. එය සොයා ගෙන ඒකරාශී කර ගන්නට පුළුවන්නම් ලෝකයේ
බොහෝ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ලෝක යුද්ධ පවා. ඒ කටයුත්ත කරන්න තමයි මේ වෑයම.’’
පර්යේෂණ වාර්ථා එළි දැක්වීමේදී සිදු කල කථාව පිළිබඳ කසු කුසුව විශ්ව විද්‍යාලය තුළ පමණක්
නොව සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාප්ත වී ගියේය. ලෝක විද්වතුන් උපහාසයෙන් එම
මතවාදවය බැහැර කළ බව පෙනෙන්නට විය.

“මොනවද බං මේ ප්‍රොෆා කියන්නෙ.. කැන්ටිමේ කොනක වූ මේසයක වට වි හිඳිමින් ගිම්හාන්
විමසුවේ තම අත්ල මත වූ ටැබ්ලට් එකෙන් දෑස් එළියට නොගනිමිනි.”
“පිස්සුනේ බං..” කාවිංගගේ අදහස එය වුවද ගිම්හාන් එය අනුමත කරන්නට මැලි විය.
“නෑ බං..මිනිහා කියන එක අමුතුයි. හා නැද්ද..ඩෙංගි ” එවර ඔහු එය විමසුවේ යශෝධාගේ
මුහුණ දෙස බලමිනි. එසැනින් කාවිංගද යශෝධාගේ අදහස දැනගනු වස් යශෝධා දෙස බැලුවේය.
මද වේලාවක් තොල් පිට පෙරළමින් කල්පනාවක නිමග්න වූ සේයාවක් පෙන්නුම් කළ ඈ
“හ්ම්...අමුතුයි තමා. බොරා උඹ මොකද කියන්නේ. අපි මිනිහට ප්ලග් වෙලා අපේ සපොට් එක
දෙමුද..මං කියන්නේ අපේ එසයිමන්ට් එක්කටවත් වටිනවා.”
“අන්න ඉතිං..පරමාර්ථයම සවුත්තුයිනේ උඹේ..එමෙ නෙමෙයි. අපි සපෝට් එකක් දෙමු..
හැබැයි මිනිහ අපිට සපෝට් කරන්ඩ ඉඩ දෙයිද” කාවිංග ඇසූ ප්‍රශ්නය ඇත්තක් වග ගිම්හාන්
අවබෝධ කර ගත්තේය.
“අපි අහල බලමු..දැං මං යනවා ලයිබ්‍රරියට. කවුද එන්නෙ..ගොයියා වරෙන්” කාවිංගටද හිසෙන්
සන් කරමින් හුන් තැනින් නැගිට යන්නට සුදානම් වුවද ඈත සිට අත වනමින් එ දෙසට
පැමිණෙන්නැයි ලහිරුගේ ආරාධනාව දුටු ගිම්හාන් නැවත එතැනම හිද ගත්තේ තමන් සිටින
ස්ථානයට ඔහුව අත වනා කැදවමිනි.
“මොකද කියන්නේ. යමංද…” ඈත සිටම එසේ අසාගෙන පැමිණියේ කරේ එල්ලාගෙන හුන් බෑගය
යශෝධාගේ ඔඩොක්කුවට විසි කරමිනි.
"කොහෙද"
"ඉන්ටවු බං, ඉන්ටවු"
"ඉන්ටවිව්..ඒ මොනාටද" ඒ ප්‍රශ්නය යශෝධාගෙනි
“නංගි, දන්නැතිතං පාඩුවේ ඉන්නවද ප්ලීස්. මචං මේක තමා ප්‍රොෆාට සෙට් වෙනවනම් චාන්ස් එක.
අන්න මෑන් ටීම් එකක් රෙඩි කරනවලු මිනිහගෙ රිසර්ච් එකට” එ වදන් ගිමිහාන්ගේ මූණටම එබී
පැවසූ ලහිරු වේගයෙන් වටයක් කරකැවී යශෝධාගේ පුටුවෙහි කොනකින් හිදගත්තේය
“මේකට මොනවා වෙලාද..පලයංකො අනික් පුටුවට හරකෝ”  මිටි මොලවාගත් දකුණතෙහි පහර
ලහිරු විසින් ඉවසා බලා සිටියේ ගිම්හාන්ගේ ප්‍රථිචාරය කුමක්දැයි කියාය.
“යමං” ගිම්හාන් ක්ෂණයකින් හුන් තැනින් සිට ගත්තේය
“එල යමං..කාවිංගගේද මුහුණ උද්යෝගයෙන් පිරුණු අයුරු ලහිරු දුටුවේය
මේ අතර, යහළුවන් තිදෙන දෙස සුපරික්‍ෂාකිරීව බලා සිටි අයෙකි. හේ තම නලලත තුබූ
කණ්නාඩි යුවල ගලවා එහි ආවරණයෙහි දමා ගනිමින් හුනස්නෙන් නැගිට ගිම්හාන් සිටි තැනට
පිය නැගුවේය.
“ මොකද ළමයින්ගේ කල්පනාව” විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරයෙක් වූ හෙතෙම නමින් පේෂල
කාරියකරවන නමිනි.

No comments:

Post a Comment

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං