කුප්පිය

කුප්පිය

Saturday, March 16, 2013

පාටත් නෑ ඉරිත් නෑ......



         ලැජ්ජාව කියන එක නැති වෙන්න උනත් කලින් තිබිලා එපායැ නැති වෙන්න...ඒක මට නැති වග තේරුනේ ලෑන්ඩ් කෑල්ලෙ ඉන්න නන්දයයි සැන්ටියයි එක්ක ආයෙම ගොන් වැඩකට ගියපු නිසා..ආයෙම කිව්වට ඒක දෙවනි එක නම් නෙමෙයි...තිස් එක්වෙනි සමූහ ගොන් කම ද කොහෙද...
ඒකයි මගේ ලැජ්ජාව අන්තරස්දාන වෙලාය කිව්වෙ.මේකට ලෑන්ඩ් කෑල්ල කිව්වට නම එන්නෙ සැනසුම් ගම කියලා.අඩුම ගානෙ ලියුමක්වත් එන්නනෙ නෑ ඒ නම දාල ඇඩ්රස් කළොත්..ඒ තරමට ලෑන්ඩ් කෑල්ල කියන එක රෙජිස්තර වෙලා..නන්දයයි  සැන්ටියය් තමයි ලෑන්ඩ් කෑල්ලෙ ඉන්න ගජයො..මම ඉතින් වටින් පිටින් යන ගමන් මගේ කරුමෙට ද කොහෙද ඔය ගැන්ග් එක එන්න දිහාවට ඔලුව දාන්නමයි හිතෙන්නෙ..නරකයාගෙ අටමගලෙ   පාග ගෙන ඒ වගේ තැනක පොඩි හරි රෙස්ට් එකක් ගත්තෙ නැත්තං මට ඒ මගුල කරේ තමයි ගෙනියන්න වෙන්නෙ.අසංකගේ කඩේ ගාවින් බොහොම හෙමින් පාක් කරල මාත් ඉතින් බඩ පැලෙනකම් වතුර බොනවා නළළිදෙන්...හී.....පුටාර් එකෙනුත් දුං දානවා...ඒ තරම් මහන්සියි...ඔන්න ඔය වෙලාවට තමයි නන්දයා උගේ අදහස් මගෙ ඔලුවට පොවන්නෙ.."කුප්ස්.." උං මගෙ නම කෙටියෙන් කියන්නෙ එහෙමයි.  "අද අපි යන්න ඉන්නෙ සැන්ටිගෙ නංගි ගේ බෝඩිමට...." පිස්සුද මුංට...අතේ සතයක්ව නැතිව..කෙල්ලො ඉන්න තැනකට අනික...ඒ නැතත් මුං එක්ක යනවනම් නලල ගාවට ගහන්න එපාය..සමහර විට වාසියක් ඇති..

"ඩොනලා ගාව රුපියල් දාහක් තියෙනවා..එකෙන් තමයි යන්න හදන්නෙ.."

"සැන්ටිගෙ නංගි හම්බ උන ගමන් ඒකිගෙන් සම්තිං එක අරන් නයිට් මේල් ආයේ ගෙදර.."
"යන්නෙත් කෝච්චියෙද..."
මං එහෙම ඇහුවෙ යන අලුගුත්තතේරු ලමන් ඔක්කොම යන්න අපි තෝරගන්නනෙ සාමාන්‍යයෙන් කෝච්චිය
"නැතුව බං...බොන්නයි ටිකට් ගන්නයි කොහෙද සල්ලි..මං ගාවත් තව රු.200ක් විතර තියෙනවා.."
"මං ගාව තියෙන්නනෙ රු 13යි".
            
           ඒකත් මල්ලිගේ ඇන්ටික් කාසිවලින් අස්සන් ආවේ සිගරට් එකක් බෙින්න..මං ගියාම තමයි උගේ වාග් ප්‍රහාර වලින් බෙිරෙන්න ඔන.ඌ බයින්නෙත් මට නෙමෙයිනෙ.."අදත් සිගරටි එකක  ගාන අඩුවෙලානෙ" කියලා අම්මට ඇහෙන්න කියන එකනෙ ඉවසන්න බැරි..
          ඒ හින්දා මුං එක් ඒ ටුවර් එක ගියොත් අම්ම බනින්නෙ නොකියා රැයක් ගෙදරින් පිට හිටියට විතරයි...ඒ හින්දා මං තීරණය කරා මුං තුන්දෙනත් එක්ක බියගම යන්න..සැන්ටිගෙ නංගිගේ බෝඩිමට..


                   බියගමට එනකම් එන්න අපි හතර දෙනාම දන්නවා උණාට නංගිගෙ බෝඩිමට යන්න දන්නෙ සැන්ටියා විතරයි...කෝච්චියේ ඉබ්බා ගහලා එන්න ඒ තරම් අමාරු කාරියක් උණේ නෑ..ඒක  ඉතින් කොහෙන් ඇගට ආරෝපනය උණාද මන්දා...ගෙදර උන්ට නම් බනින්න එපා ඔන්න..රෑ තිස්සෙ බීපුවාගෙ අමාරුවටයි බඩගින්නටයි ම ගෙනම් ඇගත් එක්ක පණ නෑ වගෙ ..ඩොනලත් වැඩිය කතා නෑ ..ඒ කියන්නෙ ඌටත් එහෙම තමයි..නන්දයා විතරයි  සැන්ටියා කකුල් තියන වේගෙං පස්සනේ ගියෙ..බස් හෝල්ට් එකක් ගාව නැවතුන සැන්ටියා අපිටත් ඔලුව වනලා තව ටිකයි  කියලා කියපි..
              
             මගෙ ඇගේට පන නැතත් කෙලින් ඉන්න හිතුනෙ ඊට පස්සෙ.
ඩොනලා වැනි වැනි ආපු ගමන් ආර්ඩී එකේ පොඩි කහපාට කොන්ක්‍රීට් බැම්මක වාඩි උණා පට්ට අව්වෙ..මම පොඩ්ඩක් ඌ ගාවින් ඈත් උණා..ඇයි යකො සමනල රෑන් වගේ කෙල්ලො වැඩට යන මේ පාන්දර මු පෙරේතයෙක් වගේ පට්ට අව්වවෙ පාර අයිනෙ..නොදකිං..

           මට නම් බඩගින්යි නනදයෝ..මම හිමීට නන්දයාගෙ කණට කරලා කීවා.මටත් එහෙමයි බං..වරෙන් යන්න ගල් බනිස් දෙකක්් වත් දා ගමුද...සැන්ටියා පාරට එබි එබී ඉන්න වෙලාවෙ එතැනම තිබ්බ පෙට්ටි කඩේට ලං කරා...සැන්ටියටයි ඩොනලටයි හොරෙන් ගල් බනිස් දෙකක් ගිලලා එළියට ආවට මට නම් මහ මොකක්ද වගේ ........ඒ ක කෑවේ වතුරවත් බොන්නැතිවනේ ඒක වෙන්නැති...
           සැන්ටියා තාම එන එන බස් එක දිහාට පැනලා ආපහු එන්නනෙ ඒ බස් එක නෙමෙයි කියා ගෙන

            දැන් පැය 2 ක 3ක්ම මේ විදියට බලං ඉදපු නන්දයත් පාරෙ උක්කුටිය තියා ගත්තා..මාත් පාර අයිනෙ තිබුණ ල්යිට් කණ්වකට හේත්තු වෙලා අව්වට කවර් උණා..සැන්ටියො මොකකද බං බස් එක බැරි ම තැන මං ඇහුවා..දන්නැත්තං කාගෙන් හරු අහගන්න හරි....එත් සැන්ටි යා ඒකට උත්තරයක් දෙන්න කළිං ආයෙත් බස් එකක් ආවා.ඒක එන පාරට දුවගෙන  ගියපු සැන්ටියා ආවේ ආයෙත් මූණ දෙක කරගෙන..මෙච්චර වෙලා කට වහගෙන හිටපු ඩොනලා ඒ පාරනම් ටිකක් සැරෙන් වගේ සැන්ටියාගෙන් ඇහුවා

 "මොකක්ද කියපං හු@ඃ...බස් එක"

"හිටපං බං නිල් ඉරි දෙකේ බස් එක එනකං...සැන්ටියා කියපි...ඩොනලා ඒ පාර තමයි සැන්ටියාලෙග ඉස්සරහා දත ගැලවෙන්න ගැහුවෙ...අදටත් උගෙ දත දැක්කම මට මතක් වෙන්නෙ ගල් බනිස්.....

No comments:

Post a Comment

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං