කුප්පිය

කුප්පිය

Monday, August 11, 2014

කේයස්ගෙන් පන්නරය ලත් සිත්තරුවා මං....


මම 6 වසරට විතර එනකොට  තමයි දැනගත්තෙ කලා විෂයක් තෝරගන්න ඔන කියලා....මාත් එක්ක හිටිය සෑහෙන පිරිසක් සංගීතය තෝර ගද්දී වින්ද්‍යා චිත්‍රවලට ගිය හින්දා මටත් චිත්‍ර වලට යන්න හිතුණා....ඒ කාලේ ඉදන්ම හිතේ පොඩි කැමැත්තක් තිබ්බ හින්දා වෙන්නැති.චිත්‍ර වලට නෙමෙයි...වින්ද්‍යාට

චිත්‍ර උගන්නපු ටිචත් හෙනම ලස්සන කෙළි පොඩිත්තියක්...ඒ දවස් වල උනත ලස්සන දේ ලස්සනට දකිනවා...ඒ හින්ද වෙන්ඩෑ චිත්‍රම කරන්න ඔ්න කියලත් හිතුවෙ.

පළවෙනි දවසෙ චිත්‍ර පාඩමට චිත්‍ර කාමරේට යනකොට අම්මට කුණු කුණු ගාලා හොම්රන් පැස් එකකුත් අරන් සුවද පිරුණු චිත්‍ර පොතකුත් කාරිය කිහිල්ලෙ ගහගෙන වින්ද්‍යාට කිට්ටුවෙන්ම අඩිය තියන් තමා ගියෙ...
"මම අදනේ ඔයාලත් එක්ක චිත්‍ර අදින්න යන්නෙ..ඒ හින්දා ඉස්සෙල්ලම දවසෙ ඔයාලට කැමති චිත්‍රයක් අදින්න" 
එහෙම කියලා මැඩම් ඔන්න එයාගෙ පාඩුවෙ පොතක් පෙරලා ගත්තා..
මට වගේම චිත්‍ර ගැන කිසිම අදහසක් තිබ්බෙ නැති තව උන් හිටියා...එකෙක් මටත් දැන ගන්න ඔිනම ප්‍රශ්නයක් ඇහුවා 

"අපි දැන් මොන වගේ එකක්ද අදින්නෙ ටීච...."

"මොනවාම හරි...දර්ශනයක්...එහෙම නැත්තං චීත්ත මෝස්තරයක්...කවියක්ට සින්දුවකට තෙරුම හරි ඔ්නම එකක්"

එලස්...මං අදිනවා සුදෝ සුදු කවියට චිත්‍රයක්..එකෙ දර්ශනයක්නෙ තියෙන්නෙත්"


ඔන්න මං පටන් ගත්තා...



කටුරොද ගම්මානය තරමක් පිටිසරය.....



 මේකෙ කලුපාටට ගම්මානය ඇදලා පිටිසර බව පෙන්නන්න තමයි කදු පන්තියක් ඇන්දෙ

ගොඩමඩ දෙකම සරු සාරයි පල බරය..


කොළ පාටින් කුඹුරු තමයි මට පෙන්නන් ඔන උනේ..


ඒ ගග මැදින් ගලනා ගග මනහරය....

ඔය තියෙන්නෙ එළ කිරි වගෙ......නිල් පාටින් ගග ඈ......


කඩ මන්ඩිය පිහිටියෙ ගම කෙරවලය...



ගම කෙරවල වෙනුවට ගග කෙරවලයි දාලා තිබුනේ..ඒක මට ගානක් ගියෙම නෑනෙ..............චැහ්  අපරාදෙ...


ඒක දැකපු ගමන් ටීච මං දිහා බැලුවෙ මට පුලුවන්නම් ගහලා එලවන සයිස් එකෙන්...මූන රතු කරගෙන එහා කාමරේ නැටුම් ටීචට ගතුවක් කිව්වැයින් මට චිත්‍ර එපා උණා..සිකුරාධිපති මැඩම් හෙවත් නැටුම් ටීච"තමුසෙ  ආය චිත්‍ර කාමරේ පැත්තතෙ බලාගෙනයි....."කියලා මාව එලොව ගත්තැයින් තමයි මට කලා විෂයන් එපාම උණේ.අම්මපා....

2 comments:

  1. හපොය් කෙලියා නේද තාප්පෙට

    ReplyDelete
    Replies
    1. මතකනම් කියාවි කතන්දරේ

      Delete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං