කුප්පිය

කුප්පිය

Friday, March 9, 2018

මල්ලි ( නරකයා ) ට අම්මා අරන් දීපු ඩෙස්ක්ටොප් කම්පීතරේ IGI, NFS ගහන්න ඇරුණාම  ෆේස්බුකියෙ ප්‍රොෆයිල් එක්කුත් ඇරගත්තා..ඒ කාලේ ෆේස්බුකිය ඕපනිං එක තිබ්බ ගමන්ම වගේ. සැම්සුන් ජීටී කාණ්ඩේ ෆෝන් එකකින් තමා මම රස්සාවට ගිහිං මුලංකාවිල්වලදි අන්තර්ජාලගත වුණේ. ඒ කාලේ දුරකතන සමාගම්වලින් දෙන සිග්නල් සීමා කරලයි තිබ්බේ. යුද්ධෙ හිංදා. අට්ටික්කා ගහක එක්තරා අත්තක් තිබුණා කෑම්ප් එකේ බෝඩරෙන් ටිකක් එහට්ට වෙන්ඩ. අපේ සැට් එකට නාන්ඩ තිබ්බෙ පොඩි පොකුණක් වගේ වතුර වලකිං.ඒ හරියෙ.ඒ කට එනවා මොබිටෙල් සිග්නල්.. ලාවට..විනාඩි පහකිං විතර ලෝඩිං බාර් එක පිරුනම තමා ඔන්න පේජ් එක ඕපන් වෙන්නෙ. කෑල්ලකගේ පොටෝ එකක් බලන්න උණත් ඒක ලෝඩ් වෙනකම් බලං ඉන්න ඕන.




ෆේස්බුක් එක අද වෙනකොට මං අත ඇරලම දාලා තියෙන්නෙ. මෙලෝ තේරුමක් නැති කාරණාවක් වග මට තේරෙන්න වෙලා ගිිහිං හිංදද. නෑ...කාරණාව ඒක නෙමෙයි. ඒවා භාවිතා කරන්නංගේ විඥාණයේ මොට කම හිංදා මට ෆේස්බුක් එපා වුණා කිව්වොත් හරි. අපෝ නෑ..මගේ ෆෝන් එක නැති වුණා..

No comments:

Post a Comment

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං