කුප්පිය

කුප්පිය

Wednesday, November 7, 2012

වන සරණ

ඉර පායන්න කලින් නැගිටින්න ඕන කියලා හිතුවට ඉරිදා දවසක් කියන සිතිවිල්ල ඔලුවෙ වැඩ කරපු හින්දා වෙන්ඩැති එදත් අවදි වෙනකොට ඉර පායලා හෝරා ගානක් ගෙවිලා.අවුලක් නෑ ..කොහොමත් රෙදි පොට්ටනිය හෝද ගන්න එක විතරයි අද වැඩකට කියලා තියෙන්නෙ.
ඇදට එලලා තිබ්බ එකයි මෙච්චර කාලයක් පෙරවපු එකයි දෙකම උණ්ඩි කරලා ලොකු පේන්ට් බකට් එකකට ඔබා ගත්තෙ කුඩුපැකට් එකකුත්(රෙදි හෝදන) එක්කමයි.එක පැකට් එකකට වැඩි වෙයි කියලා සරොං කෑල්ලයි ඇදලා දාලා තිබ්බ දිග කලිසං කමිස ආදිය ත් බා ගෙන ලෑස්ති  වෙනකොට තමා මතක් උනේ මෝටරෙන් වතුර ගහන්න බැරි විත්තිය.ඒක ඉස්සෙල්ලා දවසෙ රෑ කැඩුනලු.

"මං ඒත් බැලුවා අද කිරිබත් හදන්නෙ ඇයි කියලා..කුප්පි රෙදි හෝදන්නනෙ හදන්නෙ.."වහරප්පෙරුමයා එහෙම කීවට උගෙ පෙරවනය හෝදන දාට උට නින්ද යන්නෑ..ඒකෙ තියෙන කුයිලට පොරවපු ගමන් උගෙ සිහිය නැතිවෙනවා.මං නම් මාසෙකට වරක් හරි හෝදන්නෙ මට එහෙම අප්සට් එකක් නැති උණාට ඒකෙ ඉන්න මකුණො ටික පව් හින්දයි...
"මාත් එන්නම් යමං වැවට..."
"අඩේ වැවට යන්න කොතෙක් යන්න කියලද.."මමම වැඩේට පස්ස ගැහුවා.

ඇයි යකෝ...බොට පැයක් ඕක උස්සගෙන ඇවිදින්න බැරුවද...වජිරයටත් කියමු සිවිල් මංජුවත් එක්ක එන්න කියලා...උන් දෙන්නත් එක්ක මං බහින්නම්කෝ ගේමට...
ගේම කිවේ..
හන්ටින්..හන්ටින්..
ආ....බලමුකෝ උබේ හන්ටින්..

අරි අරි හන්ටින් බැයිනම් ෆිෂින් හරි කොරන්න බැරියෑ..යමංකෝ...

අපේ ගමනට කීවත් වගේ වජිරයයි මංජුවයි ආවේ තටු ගගහා..උන්ට ත් කොහෙ හරි වරෙත්තුවක යන්න තියෙනවනම් වෙන මොනවාත් ඕන්නෑ..
කැලේ මැදින් වැටිච්ච පාරක වහරප්පෙරුමයා උගේ ස්වයංක්‍රීය ගිනි අවියත් අතේ එල්ලගෙන,උගෙ පස්සෙන් අපිවත් දක්කගෙන යනවා..මගේ අතේ එල්ලිලා තියෙන බකට් එක මාරුවෙන් මාරුවට ගෙනිහින් දෙන්න වජිරයි මංජුවයි කැමති උණා...
වැව් තවුල්ලට ලං වෙන්න අපි හතර දෙනාට පැයකට ආසන්න කාලයක් ගත උණා.එත් දැක්ක දර්ශනෙන් අපි හැමෝගෙම හිත්වලට දැණුන හැගීම මං හිතන්නෑ අච්චර නරුමයෙක් උන වහරප්පෙරුමයාටවත් නොදැණුණා කියලා..
ඔලුව මුලුමනින්ම විනාශ උණ ඊරියක් ..ඒකිගේ මළ තණ පුඩුවට කට තියලා බඩගින්නට උරන ඌරු පැටියෙක්..ඒත් කෝ කිරි...ඉපදිලා දවස් ගානක් වෙන්නැති මයේ හිතේ....
"ඊරි හක්ක පටස් එකකට අහුවෙලා මචං"
"හ්ම්ම්.."
කවුරුවත් ආපු කාරණාව ගැනකතා කළේ නෑ..ඒ තරමටම ඒ දර්ශනයෙන් කස්ටිය විලම්බීත වෙලා හිටියේ.. වහරප්පපෙරුමයා වජිරත් එක්ක එතැනට ගිහින් ඌරු පැටියව වඩා ගත්තා..

මම එතැනට ගියෙ නෑ ..මොකද මුන්ගෙ තියෙන කුලප්පුවට මාව දාලා යනවා ෂුවර්..ඒ හින්දා ඔය අල්ල පනල්ලෙ මම මගෙ කඩමාලුටික හෝද ගන්න එපැයි...
"මම යනවා කුප්පියෝ.....උඹ මංජුවත් එක්ක වරෙන්...මූ ඉන්නෙ හොදටම බඩගින්නෙ..." මම හිතුපු විදිය හරි..උන් දෙන්නා යන්නයි ලෑස්තිය.
එත් කමක් නෑ.. කිව්වත් වගේ අරූගේ හිතට සෑහෙන කාලෙකින් වෙන්නැති හොද අදහසක් ආවේ..ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එක මටත් පිනක්නේ..මම උන් දෙන්නට යන්න ඇරියා...මංජුවයි මායි නාලා කාරිය එනකොට තව පැය 2ක් විතර යන්න ඇති ..

අපි ඇතුලට එනකොට ඌරු පැටියාගේ බන්ඩිය පිරෙන්න කිරි බොන්න දීපු වහරප්පෙරුමයා අපේ අනිත් න් ටිකත් එක්ක උගෙ සෙල්ලම් බලනවා.
"මූට මොකද කරන්නෙ බං දැං..."
"තියා ගමු නේ.."
"කැලේට ම ගිහින් දාමු.."
"ගං ඌරෝ ඉන්න තැනකට දෙමු.."
එක් එකා එක එක අයිඩියා දැම්මට අවසානෙට මහ උන්දැ කියලා එවලා තිබුණා වහාම ව කැලේට ගිහිං දාන්න කියලා..
මහ උන්දෑ කිව්ව් කෑම්ප් එකේ අණ දෙන නිලධාරි තැන.

එත් අපි කැමති උනේ ඌව තියා ගන්න..
කැලේට ගිය අෟරු පැටියා හවස් වෙනකොට ආයෙම අපිව හොයාගෙනම ඇවිත් තිබුණා..බඩගින්නට...
             
ඉතින් ඒ ආපු ගැම්ම කවුරුවත් ඌව යවන්නවත් කොටු කර ගන්නවත් උත්සාහ කරේ නෑ...උගේ කැමැත්තෙන්ම අපි ගාවට වෙලා ලොකු මහත් උන ඌරු නාම්බට බිම හාරන්නත් කෑම හොයාගන්න හැටිත් කියලා දෙන්නත් අපිටම තමයි කරන්න උනේ.ඒ තමයි කිරා..එත් දැන් ඌට සහකාරියක් හොයලා දෙන්න අපිට බැරි උනා.ටිකක් මුරන්ඩු වෙන්න ගත්තෙ ඒ හින්දා වෙන්නැති
ඒක කිරාගේ වැරැද්ද නෙමෙයිනෙ..දෙපාරක්ම ගම් වැදිලා කාන්තාවක් පස්සෙ පන්නපු කිරා තවත් සැරයක් පිරිමි අයෙකුට හොම්බෙන් ඇණපු පාරට ටිකක් ලොකු තුවාලයක් උනා...එ හින්දා අකමැත්තෙන් උණත් හැමෝගෙම යහපතට කිරාව ආයෙත් අපි කැලෑවටම ගිහින් දාන්න තීරණය කරා...
                           
එත් කෑම්ප් එකේ ලයිට් නිමමපු වෙලාවට අපේ ඇදවල් යටට රිංගලා නිදා ගන්න...උදේට පීටී යනකොට පස්සෙන් දුවන් එන කිරාගේ ඩිෆ් ගහන හැටි බලපු අය, පිට ලී කෑල්ලකින් හූරනකොට ඇස් පියන් නිදා ගන්න හැටි  අපි හැමෝගෙම මතක වල විතරක් තියලා කිරා ආයෙත් කැලෑ වැදුනා...කැලේට ගිහින් දැම්මා..ඒත් හොද මිනිහයි නරක මිනිහයි කියලා බෙිදයක් නැතිව මිනිස්සු ළගට කිට්ටුවෙන කිරාගේ ජිිවිතේ ගැන මට අවින්ශ්චිතයි...සහකාරියක් හමු වේවා...






5 comments:

  1. පවු නේද අහිංසක සතා ?

    ReplyDelete
  2. හක්ක පටස් කියන්ෙන් ෙමානාද...??

    උෟට අතුරු අන්තරාවක් ෙනාෙව්වා....

    ReplyDelete
    Replies
    1. ඌරටම හදන ඇමක්...ඒක කෑමක් විදියට හදන වෙඩිබෙහෙත් මැදිකරපු කෑමක්...එක හපද්දි පුපරලා උගෙ ඔලුව කුඩු වෙනවා....හෆෝයි..

      Delete
  3. @නරකේ - හක්ක පටස් කියන්නේ ගම්වල මිනිස්සු හේන් හෝ වෙනත් වගාවන් සතුන්ගෙන් බේරා ගැනීම සඳහා අටවන අමානුෂික උගුල් වලින් එකක්... ඕකෙදි පාවිච්චි කරන්නේ අපි අර අවුරුද්දට පාවිච්චි කරන චීන පටස් එකක්.. ඒක වටේ පිටි හරි වෙන මොනා හරි කෑමක් ගානවා..(බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ ලුණු වතුර ඉහපු පාන්පිටි ගුලියක්).. ඊට පස්සේ සතාට කන්න ඒක දාලා තියෙනවා. සතා ඒක හපපු ගමන් චීන පටස් එක පුපුරනවා.. වල් ඌරා මැරුනට .. ඔකෙන් අමානුෂිකම හානිය වෙන්නේ අලියටයි.. අලියා මරන්න තරම් හක්ක පටස් ප්‍රබල නෑ.. වෙන්නේ හක්ක ඇතුලෙන් පුපුරා යන එකයි. ඊට පස්සේ වේදනාවෙන් කෑමක් බීමක් නැතිව දවස් ගණනාවක් දුක් විඳලා තමයි අලියා මැරෙන්නේ..
    * යූරියා දාපු වට්ටක්කා - අලියා විජලනය වීමෙන් සති ගණනක් දුක් විඳ මැරෙයි
    * ඇණ ගහපු ලෑලි - ඇණ ඇනීමෙන් යටි පතුල් තුවාල වී .. තුවාල උඩු දුවා ඇවිද ගැනීමටත් නොහැකිව.. ආසාදනය වී සති ගණනක් දුක් විඳ මිය යයි

    ඔය තියෙන්නේ අමානුෂිකම මැරුම් ක්‍රම කිහිපයක්
    ආ.. තව දෙයක් කියන්න ඕනේ ලංකාවේ වල්ඌරා නීතියෙන් ආරක්ෂිත සතෙක් නොවෙයි.. ඒ කියන්නේ මරන්න පුලුවන්.. හැබැයි මස් ප්‍රවාහනය හෝ විකිණීම තහනම්..
    අටපට්ටමේ පෙන්නුවෙත් මෙයාමද?

    - කිරිසප්පයා @ අන්තිම පේළිය

    ReplyDelete

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං